වෙරළු ස්වභාවධර්මයෙන් ලැබුණු හදවත් රක්ෂණය
නූතන කාර්යබහුල ජීවන රටාවත් සමඟ හෘද රෝග සහ අධි රුධිර පීඩනය (Hypertension) වර්තමානයේ ලෝකයේ මෙන්ම ලංකාවේ ද ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වී ඇත. මෙවන් පසුබිමක වෙරළු වැනි ස්වභාවික පලතුරක් දෛනිකව ආහාරයට ගැනීම මගින් ලැබෙන ප්‍රතිලාභ සුළුපටු නොවේ. 1. අධි රුධිර පීඩනය පාලනය කරන පොටෑසියම් බලකාය කියවන්න අධි රුධිර පීඩනය ඇතිවීමට ප්‍රධාන හේතුවක් වන්නේ සිරුරේ සෝඩියම් (ලුණු) මට්ටම ඉහළ යාමයි. වෙරළු වල ඉහළ මට්ටමක පොටෑසියම් (Potassium) අඩංගු වේ. පොටෑසියම් මගින් රුධිර නාල වල බිත්ති ලිහිල් කර, රුධිර ගමනාගමනය පහසු කරයි. දිනකට වෙරළු ගෙඩි කිහිපයක් අනුභව කිරීමෙන් සිරුරේ ඉලෙක්ට්‍රොලයිට් සමබරතාවය පවත්වා ගෙන රුධිර පීඩනය ස්වභාවිකවම අඩු කර ගැනීමට මඟ පෑදේ.. 2. හදවතේ අවහිරතා මකා දමන ප්‍රතිඔක්සිකාරක (Antioxidants) . රුධිර නාල වල කොලෙස්ටරෝල් තැන්පත් වීම හෘදයාබාධ වලට ප්‍රධාන හේතුවයි. වෙරළු වල අඩංගු ෆ්ලේවනොයිඩ් (Flavonoids) සහ ෆීනෝලික් සංයෝග ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරයි. මේවා මගින්: සම්පූර්ණ විස්තරය නරක කොලෙස්ටරෝල් (LDL)...