අක්මාව මියැදෙමින් පවතින බව පෙන්වන සංඥා , ඔබත් මඟහැරගන්න නම් එපා


 

අක්මාව අපේ ශරීරය තුළ ඉතාම වැදගත් කාර්‍යභාරයන් රැසක් ඉටුකරන බව අපි කවුරුත් දන්නවා. දැඩි වෙහෙසකින් යුතුව ක්‍රියාත්මක වෙලා අපේ ශරීරය මනාව සහ සුමටව පවත්වා ගෙන යන්න කටයුතු කරන, ඉතාම ක්‍රියාකාරී කර්මාන්තශාලවක් වගේ කියල අක්මාව හඳුන්වන්නෙ ඒ නිසයි. ප්‍රධාන වශයෙන්, Bile නම් සං‍යෝගය නිපදවීම මඟින් මේදය බිඳහෙලා අනෙකුත් පෝෂක ශරීරයට අවශෝෂණය කිරීම තුළින් ආහාර ජීර්ණ ක්‍රියාවලයටත්, විෂ සහිත ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කර, අප ගන්නා ඖෂධ ශරීරයේ අනෙක් කොටස් වලට අවශෝෂණය වීමට පහසු විෂ නොවන ආකාරයට පත් කිරීමෙන් ශරීරයේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහ තුවාලයක් හෝ කැපුමක් ඇතිවූ විට නොනවත්වා රුධිරය පිටවීමෙන් වැළැක්වීම සඳහා රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලියටත් අක්මාව ප්‍රධාන වශයෙන් දායක වෙනවා. මේ කරුණු නිසාම අක්මාව නීරෝගීව, නිසි ක්‍රියාකාරීත්වයකින් යුතුව පවත්වා ගැනීම ඉතාම වැදගත්. පැරසිටමෝල් වැනි ඖෂධ නිර්දේශිත ප්‍රමාණ ඉක්මවා අධිමාත්‍රාවෙන් ගැනීම, විෂ ශරීරගත වීම, හෙපටයිටිස් ඇතුළු සමහර වෛරස් රෝග වැළඳීම, කම්පන තත්වයන් සහ අධික උෂ්ණත්වයෙන් යුතු පාරිසරික තත්වයන් තුළ වෙහෙස වී කරන ශාරීරික ක්‍රියාකාරකම් වැනි හේතු නිසා අක්මාව නිසි ලෙස ක්‍රියාත්මක වීම සිදුනොවී දීර්ඝකාලීනව උග්‍ර අක්මා අකර්මන්‍යතා පවා ඇතිවීමේ අවදානමක් ඇති බවයි සඳහන් වෙන්නෙ. ඉතිං, මේ විදිහට රෝගී වෙමින් පවතින ඔබේ අක්මාව තම ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදුනොවන බවට විවිධ විවිධ සංඥා ලබාදීම තුළින් ඔබව දැනුවත් කිරීම සිදුකරනවා. මේ සංඥා එකක් හෝ කීපයක් ඔබට දකින්න ලැබෙනව නම් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙක් මුණගැසිලා ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි. එහෙනම් දැන් අපි බලමු මේ විදිහට අක්මාවේ ගැටළු පෙන්වන සංඥා මොනවද කියල? Spider Angiomas

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න