අව පැහැ දත් විනාඩි 05න් සුදු කරන ස්වාභාවික ක්‍රම 07ක් මෙන්න
දත් දෙපළ නීරෝගී වන තරමටම ඔබේ සිනහව තවත් ලස්සනයි.හැබැයි දත් වල ඇතිවන පැහැය දුර්වර්ණ වීම එහෙමත් නැතිනම් කහ පැහැ වීම නිසා කෙනෙක්ගේ ආත්මවිශ්වාසයටත් යම් බලපෑමක් ඇතිවෙන්න පුළුවන්. සිනාසෙද්දි අපේ දත් අනික් අයට පෙනෙනවානේ. ඉතින් ඒ වගේ අවස්ථා වල දත් වල කහට ගතිය- පැල්ලම් ගතිය නිසා පිරිසක් ඉදිරියේ ඔබව ලැජ්ජාවට අපහසුතාවට ලක්වෙන්න ඉඩ තිබෙනවා. සාමාන් යයෙන් දත් වල ස්වභාවික පැහෑය හා දීප්තිය වයසත් එක්කම හීන වී යයි.වයස්ගත වීමට අමතරව දත් වල කහ හෝ පැල්ලක් ස්වභාවයක් ඇතිවීමට තවත් හේතු බලපායි. දත් වල එනමලය තුනීවීයාම ජානමය තත්වයන් කටේ වියළිබව නාසය අවහිර වීම නිසා කටින් පමණක් හුස්ම ගැනීම අධික ෆ්ලෝරයිඩ් භාවිතය මුඛ සෞඛ් ය සනීපාරක්ෂාව ගැන අඩු අවධානය වයින්, තේ, කෝපි හා සෝඩා වැනි පාන වර්ග අධික භාවිතය ඇතැම් ආහාර වර්ග පරිභෝජනය ඇතැම් රෝග තත්ව දුම්කොළ හා සිගරට් භාවිතය දත් වලට බලපෑම් එල්ල වූ කම්පන හෝ අනතුරු සිද්ධි තවද දත් වල අවපැහැය ඇතිවිමට ප් රතිජිවක අධි මාත් රාවන් ගැනීම, දේශගුණික තත්ව, ආසාදන හා අක් රමවත් පරිවෘත්තිය ක් රියාවලිය හේතු විය හැකියි. දත් වල අවපැහැය දුරු කරගැනීම සඳහා ස්වභාවික පිළියම් කිහිපයක්...