ඔබ දන්නවාද? ලංකාවේ හැම ගෙදරකම කුස්සියේ, ඉතාම ලස්සනට, වීදුරු බෝතලයක දාලා මුඩිය හොදින් තදකරලා, පරිසමින් රැක බලා ගන්න "මාරයෙක්ව". අපි ඌට ආදරේට කියන්නේ "සීනි" කියලා. ලංකාවේ මරණ සිදුවෙන ප්‍රධාන හේතු වලින් 3 වෙනි තැන ගන්න "පිළිකාව", මේ සීනි බෝතලේ අස්සේ හැංගිලා ඉන්නවා කිව්වොත් ඔබ පුදුම වෙයි. හැබැයි මේක විද්‍යාත්මක ඇත්තක්!
1. පිළිකාවට කන්න දෙන්නේ කවුද? (The Nobel Prize Discovery)
1931 දී ඔටෝ වෝබර්ග් (Otto Warburg) කියන විද්‍යාඥයාට නොබෙල් ත්‍යාගය ලැබුණේ ලෝකෙට හෙළි කරපු මේ රහස නිසා. ඒ තමයි , "පිළිකා සෛලවල ප්‍රධාන ආහාරය සීනි (Glucose) " කියන සත්‍යට.
සරලවම කිව්වොත්, පිළිකාව කියන්නේ සීනි කන්න පෙරේත යක්ෂයෙක් වගේ. ඔබ සීනි කන වාරයක් පාසා, ඔබේ ඇඟේ කොහේ හරි හැංගිලා ඉන්න පිළිකා සෛලවලට, ඔබම පොහොර දානවා. (PET Scan එකෙන් පිළිකා හොයාගන්නෙත් මේ මූලධර්මය පාවිච්චි කරලා). .
සෙම් රෝග නසන ස්වාභාවික ප්‍රතිජීවකය
2. මම තේ බොන්නේ සීනි නැතුව, එතකොට හරිද? ගොඩක් අය හිතන්නේ "මම තේ එකට සීනි දාන්නේ නෑ, ඒ නිසා මම සේෆ්" කියලා. නෑ! ඔබ දවසට සීනි ග්‍රෑම් 100ක් විතර කනවා වෙන්න පුළුවන්. ඒ කොහොමද?
බිස්කට් එකක්: සීනි තේ හැඳි 1-2 ක්.
සෝස් හැන්දක්: සීනි තේ හැඳි 1 ක්.
කෝලා බීම වීදුරුවක්: සීනි තේ හැඳි 5-6 ක්.
පැණි බීම, අයිස් ක්‍රීම්, කේක්: මේවා ඇත්තටම "පාට කරපු සීනි ගුලි".
3. "අන්දරේගේ සීනි ගණන් හිලව්ව" නිකමට හිතන්න, ඔබේ ගෙදර මාසෙට සීනි කිලෝ 6ක් ගේනවා නම්, ගෙදර ඉන්නේ හතර දෙනයි නම්...
එක කෙනෙක් මාසෙට කිලෝ 1.5ක් (ග්‍රෑම් 1500ක්) සීනි කනවා.
ඒ කියන්නේ දවසට ග්‍රෑම් 50ක් (තේ හැඳි 10ක්) නිකම්ම කනවා.
මේකට අර හැංගිලා තියෙන බිස්කට්, කේක් වල සීනිත් එකතු වුණාම ඔබ ඉන්නේ රතු ඉර පැනලා!
4. ළමයින්ට කරන අපරාධය දරුවෙක්ට ආදරේට දෙන චොකලට් එකක සීනි හැඳි 7ක් විතර තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම දරුවාගේ ඇඟ, ඉන්සියුලින් සහ පිළිකා වර්ධක හෝමෝන (IGF) වලින් පුරවන එක නෙවෙයිද අපි මේ කරන්නේ?
ඉතින් පිළිකාව හැදුනට පස්සේ ලක්ෂ ගණන් වියදම් කරනවට වඩා, කුස්සියේ තියෙන සීනි බෝතලේ අයින් කරන එක ලාභයි.
මෙන්න ඔයාලට අදම කරන්න පුළුවන් දේවල් 03ක්:
තේ එකට සීනි නැතුව බොන්න පුරුදු වෙන්න: මුල් දවස් 3 අමාරුයි. 4 වෙනි දවසේ ඉඳන් නියම තේ රහ දැනෙන්න ගන්නවා.
පැණි බීම ගෙදරට ගේන එක නවත්වන්න: ඒ වෙනුවට තැඹිලි, කුරුම්බා හෝ වතුර බොන්න.
පාන් පිටි සහ සීනි අඩු කරන්න: මේ දෙකම ඇඟට ගියාම හැසිරෙන්නේ එකම විදිහට.
"පැණි රසට තියෙන ආදරේ, ඔබේ ජීවිතේ තිත්ත කරන්න ඉඩ තියන්න එපා!"
(මූලාශ්‍රය: මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා මහතාගේ ලිපියක් ඇසුරෙනි)
සමාජ මාධ්‍ය ඇසුරෙන්
Comments
Post a Comment