මේ ආහාර අනුභව කරන කොට ලේ කැටි නිකන්ම දියවෙලා යනවා
- Get link
- X
- Other Apps
රුධිර කැටිත්තක් කියලා කියන්නේ තුවාල වලින් ලේ ගැලීම නැවැත්වීම සඳහා රුධිරය විසින් නිර්මාණය කරනු ලබන එක්තරා විදියක සීල් එකක්, මුද්‍රාවක්. රුධිර වාහිනීවල තුවාල ඇති වුණාම ඒවා අවහිර කරලා ලේ ගැලීම නැවැත්වීමට මෙි ක්‍රියාවලිය බෙහෙවින් ම ප්‍රයෝජනවත් වෙනවා. හැබැයි වැරදි ස්ථානයක රුධිර කැටියක් ඇතිවීම නිසා රුධිර නාලයක් අවහිර වෙලා රුධිර ප්‍රවාහය අවහිර වුවහොත්, ශරීරයේ බලපෑමට ලක් වූ කොටසට පිරිසිඳු වාතය නොලැබෙන අතර, එහෙම වුනොත් එම පටකය හෝ ඉන්ද්රිය නිසි ලෙස ක්‍රියා කිරීම අඩාල වෙයි. ඒ බලපෑමට ලක්වූ ඉන්ද්රිය මොළය හදවත හෝ පෙනහළු වුවහොත් අමුතුවෙන් කියන්න ඕනේ නෑ, තත්ත්වය අතිශයින්ම අවදානම්..
මොනවද මෙි රුධිර ප්‍රතිකැටිකාරක ඖෂධ (Anticoagulant medicines) කියන්නේ?.
රුධිර ප්‍රතිකැටිකාරක ඖෂධ, අපගේ ශරීරයේ රුධිර කැටි ගැසීමේ ක්‍රියාවලියට බාධා කරයි. ඒවාට සමහර විට ”රුධිර තුනීකාරක” (Blood Thinners) ඖෂධ කියලත් කියනවා. නමුත් ඒවා ඇත්ත වශයෙන්ම රුධිරය තුනී නොකරන අතර රුධිර වාහිනී අභ්‍යන්තරයේ රුධිර කැටි ඇතිවීම වළක්වනවා හෝ ඇති වෙමින් තිබෙන රුධිර කැටිත්තක් දිය කර දමනු ලබයි. මෙි සඳහා Warfarin; Heparin වැනි ඖෂධ කිහිපයක් වෛද්‍යවරු භාවිත කරයි..
රුධිර කැටි ඇතිවීම වළක්වන ආහාර .
කෙසේ වෙතත්, ඇතැමි ශාකවල තිබෙන රසායනික සංඝඨක සතුව ද එවැනි රුධිර ප්‍රතිකැටිකාරක ගුණ පවතින බවට විද්‍යායින් සොයාගෙන තිබෙනවා. අපේ කුස්සියේ, ගෙවත්තේ සුලභව තිබෙන එවැනි ප්‍රතිකැටිකාරක ඖෂධ ගුණ සහිත ආහාර වර්ග කිහිපයක් මෙසේය.
*ලංකා කුරුඳු (Cinnamomum zeylanicum)
රුධිර කැටි ඇතිවීම වැළැක්වීම සදහා ලබා දෙනු ලබන සුලභ බටහිර ඖෂධයක්වන Warfarin නැමති ඖෂධය මුල් කාලයේ නිස්සාරණය කරගෙන තිබෙන්නේ කුරුදු, වැනිලා වැනි ශාඛවල හමුවන රසායනික සංයෝගයක් වන කෟමරින් (Coumarin) වලිනි. කෟමරින් විශිෂ්ට ස්වභාවික රුධිර ප්රතිකැටිකාරකයක් වන අතර, ලොව කෟමරින් වැඩියෙන්ම අන්තර්ගතවන ශාකය ලෙස ශ්‍රී ලංකාවෙි වැවෙන කුරුඳු විද්‍යායින්ගේ සමිභාවනාවට ලක්වෙලා තිබෙනවා.
ඉඟුරු (Zingiber officinale)
ඉඟුරු කියන්නේ . බොහෝ ඖෂධීය භාවිතයන් සදහා ලොව පුරා අතීතයේ සිට බහුලව භාවිතා කරනු ලබන ඖෂධයක්. ඖෂධයක් , ආහාරමය අතිරේකයක් ලෙස, දියර සාරය / තෙල්, පෙති, කරල් සහ තේ බෑග් ආකාරයෙන් ඉඟුරු භාවිතයට ගැනෙනවා. ඉඟුරු වල තිබෙන වාෂ්පශීලී තෙල් (zingiberene, bisabolene, shogaol, gingerols) සියල්ලම පාහේ පට්ටිකා සමුච්චය වීම වළක්වන බවට වාර්තා වී තිබෙනවා. ඉඟුරු සාපේක්ෂ ඉහළ මාත්‍රාවක් කිරීටක ධමනි රෝග ඇති රෝගීන්ගේ පට්ටිකා සමුච්චය වීම වළක්වන බව එක් අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙනවා. තවත් සිද්ධි වාර්තාවකින් ඉඟුරු රුධිර කැටි ඇතිවීම වළැක්වීමට ලබා දෙනු ලබන Warfarin ඖෂධය ලබා ගන්නා රෝගීන්ගේ රුධිර වහනය වැඩි කරන බව පෙන්වා දී ඇත.
සුදුළුණු (Allium sativum)
සුදුළුණු ලොව වැඩියෙන්ම අලෙවි වන ඖෂධීය කුළු බඩුවලින් එකක් ලෙස වාර්තා වී ඇත. එය කුළු බඩුවක් , ඖෂධයක් , ආහාරමය අතිරේකයක් ලෙස ජනප්‍රිය වී ඇත්තේ එය සාමාන්‍යයෙන් භාවිතා කරන්නන්ට හෘද වාහිනී රෝගවලින් ආරක්ෂාවීම සදහා ප්රතිලාභ කිහිපයක් ලබා දෙන බවට ඇති විශ්වාසය මත වන අතර, සුදුළුණු සහ එහි නිෂ්පාදනවල එවැනි සෞඛ්‍ය ප්රතිලාභ සදහා ඉවහල්වන විවිධ ජෛව ක්‍රියාකාරී සංයෝග කිහිපයක්ම අඩංගු වෙයි. ඒ අතරින් Alliin/Allicin වැනි සල්ෆර් අඩංගු සංගටක, රුධිර පට්ටිකා සක්‍රීය කිරීමේ සාධකය, නිෂ්පාදනය සහ/හෝ මුදා හැරීම වළක්වන බව පෙන්නුම්කර තිබෙනවා. සුදුලූණුවල සමහර සංයෝග ප්‍රතිඔක්සිකාරක ලෙසද ක්‍රියා කරන අතර රුධිර වාහිනී තුළ කැල්සියම් සංචලනය වීම අඩු කරයි. සමස්තයක් වශයෙන්, සුදුලූනු මගින් රුධිර නාල තුළ පට්ටිකා එකතු වීම වැළැක්වීම සහ රුධිර වහනය වැඩි දියුණු කිරීම සිදු කරන බවට විද්‍යායින් යෝජනා කර ඇත. මෙම කාරණය සනාථ කෙරෙන, මානව මෙන්ම සත්ව අධ්‍යයන පදනම් කරගත් පර්යේෂණ වාර්තා කිහිපයක්ම තිබෙනවා.
කහ (Curcuma longa)
කහ බොහොම ජනප්‍රිය කුළු බඩුවක් මෙන්ම ඖෂධයක් ද වෙයි. කහ භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබන කරල්, පෙති සහ දියර වැනි විවිධ නිෂ්පාදන වෙළදපොලේ තිබෙනවා. ලංකාවෙි බොහෝ ගෙවතු වල කහ පඳුරක් දෙකක් වගා කරගෙන තිබෙනු දැකිය හැකිය. කහවල වාෂ්පශීලී තෙල් වන zingiberene, turmerone සහ curcumin අඩංගු වේ. මෙම වාෂ්පශීලී තෙල් සතු බොහෝ ඖෂධීය ගුණාංග අනාවරණය කරගෙන තිබෙන අතර, ප්‍රති-පට්ටිකා ගුණය ද ඉන් එකකි. ඒ අනුව කහ රුධිර ප්‍රතිකැටිකාරක ගුණ සහිත ඖෂධයක් ද වන බවට පර්යේෂකයින් යෝජනා කරයි.
තවත් මෙවැනි රුධිර ප්‍රතිකැටිකාරක ගුණ සහිත ආහාර ලෙස උලුහාල්, දිගැටි සිහින් මිරිස් (වැරණිය මිරිස්), කෝමාරිකා, අන්නාසි, බුලු, ග්‍රීන් තේ, කප්පරවල්ලිය වැනි ශාක සහ ආහාර වර්ග ද වෙයි.
මෙම ආහාර සහ කුලුබඩු වර්ග භාවිතයේ අවධානමි සාධක
මෙි ආහාර සහ කුළු බඩු වර්ග පිළිබදව සිදු කර තිබෙන අධ්‍යයනවලට අනුව සාමාන්‍යයෙන් මිනිසුන්ට සාධාරණ ප්‍රමාණවලින් රුධිරය තුනී කිරීමේ, කැටි ගැසීම වළක්වන ගුණ ඇති ආහාර ආරක්ෂිතව පරිභෝජනය කළ හැකිය. එහෙත් ඉහත දැක්වූ බොහෝ ස්වාභාවික ආහාර සහ කුලුබඩු වර්ග රුධිර කැටි ඇතිවීම යම් ප්‍රමාණයකට අඩු කළ ද ඒවා රුධිරය තුනී කරන ඖෂධ තරම් ඵලදායී නොවිය හැකිය. (තවදුරටත් පර්යේෂණ අවශ්‍යව ඇත.) එබැවින් රුධිර කැටි ගැසීමේ අවදානමක් සහිත පුද්ගලයින් තමන් ලබා ගන්නා ඖෂධ වෙනුවට මෙිවා භාවිතා කිරීම නුවනට හුරු නැත.
අනෙක් අතට, ඉහත කීව සමහර ශාකමය ද්‍රව්‍ය සහ ආහාර රුධිරය ඕනෑවට වඩා තුනී කළ හැකිය, විශේෂයෙන් රෝගීන් ඒවා රුධිර ප්‍රතිකැටිකාරක ඖෂධ සමඟ භාවිතා කරන විට අවදානමි සහගත විය හැකිය. එවිට රුධිර වහනය වීමේ අවදානම වැඩි කළ හැකිය. එබැවින් රුධිරය තුනී කරන ප්‍රතිකැටිකාරක ඖෂධ සමඟ මෙම ආහාර වර්ග සමහරක් නොගත යුතු බව සලකන්න. ඖෂධීය අතිරේකවල මෙන්ම ඖෂධවල අහිතකර බලපෑම්වල බරපතලකම භාවිතා කරන ඖෂධවල මාත්‍රාව වර්ගය සහ පරිශීලකයාගේ සංවේදීතාව වැනි විවිධ සාධක මත රඳා පවතින බැවින්, එවැනි බලපෑම් ඇති බවට සැක කරන ඕනෑම ද්‍රව්‍යයක් භාවිතා කිරීමේදී ප්‍රවේශම් විය යුතු බව අවදාරණය කළ යුතුව තිබෙනවා. කොයික කොහොම වුනත් ආහාරය ඖෂධයම වන බවට ග්‍රීසියේ විසූ හිපොක්රටිස් මීට බොහෝ කලකට පෙර පවසා තිබූ කාරණාව තුළ ඇත්තේ සුලුපටු ගැඹුරක් නොවෙන බවනම් විශේෂයෙන් කියන්නට ඕනෑ ය.
සමාජ මාධ්‍ය ඇසුරෙන්
- Get link
- X
- Other Apps

Comments
Post a Comment