ඇත්තටම 40 න් පස්සේ අපේ ඇඟේ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) ටිකක් ස්ලෝ වෙනවා. හරියට වාහනයක එන්ජිම පරණ වෙනකොට ඊට වැඩි සැලකිල්ලක් ඕන වෙනවා වගේ වැඩක්. ඉතින් ඉතුරු කාලේ කොන්ද කෙලින් තියාගෙන, දරුවෝ එක්ක සතුටින් ඉන්න නම් ඔයාගේ "ඉන්ධන" (ආහාර) වෙනස් වෙන්නම ඕනේ.
මෙන්න 40 පැනපු අයට සෞඛ්‍යවේදීන් නිර්දේශ කරන, විද්‍යාත්මකව ඔප්පු වුණු ආහාර පුරුදු 20 මෙන්න. මේ දේවල් ඔයා හරියට අනුගමනය කරොත් අවුරුදු 80 වෙනකම්ම වචන ගොත ගැහෙන්නේ නැතුව , කුදු වෙන්නේ නැතුව බොහොම ශක්තිමත්ව ජිවත් වෙන්න පුළුවන් සිංහයෙක් වගේ.
01. රතු බත්/ දේශීය සහල් - පාන් පිටි, සුදු බත් වෙනුවට කුරක්කන්, රතු කැකුළු, මඩතවාලු වගේ සහල් වර්ගවලට මාරු වෙන්න. මේවායේ සීනි උරාගන්න වේගය (Glycemic Index) අඩුයි.
02. පාන් එපා - පාන් කියන්නේ කෙලින්ම සීනි ගුලියක්. ඒ වෙනුවට බතල, කොස්, දෙල්, ඉඳිආප්ප වගේ දෙයක් උදේට ගන්න.
03. අමතර ධාන්‍ය - මුං ඇට, කවුපි, කඩල වගේ දේවල් වලින් ඇඟට ඕන කරන ප්‍රෝටීන් සහ ශක්තිය ලැබෙනවා.
දෙවනුව ඇඟ පිරිසිදු කරන 'ක්ලීනර්ලා' (Detox & Fiber)
04. කොළ මැල්ලුම්/ සලාද - බත් පතෙන් බාගයක්ම කොළ වර්ග වෙන්න ඕනේ. (වචනාර්ථයෙන්ම "බත් හැන්දට කොළ හැන්දක්"). මේ තන්තු තමයි ඔයාගේ අන්ත්‍ර පිරිසිදු කරන්නේ.
05. වතුර - මේක තමයි 40 පැනපු අයගේ හොදම බෙහෙත. දවසට අඩුම තරමේ ලීටර් 3-4 ක් වත් බොන්න. හැබැයි එකපාර නෙවෙයි, ටික ටික. ගොඩක් දෙනෙක්ට මේක කරන්න අමතක වෙන නිසා, අපි පොඩි ලේසි ක්‍රමයි කියන්නම්. හොයා ගන්න ලිටරේ විදුරු බෝතල් 3ක්. නැත්තම් 750ml විදුරු බෝතල් 4ක් . හැමදාම උදේට මේ ටික පුරව ගන්න. රෑ වෙනකොට ඔක්කොම බෝතල් වල වතුර බීලා ඉවර කරන්න උත්සහ කරන්න. මේ වැඩේ ගොඩක් සාර්ථකයි. ඒත් එකක්ම ෆෝන් එකට වතුර බොන්න මතක් කරන App එකකුත් දාලා තියා ගන්න. එතකොට එයා ගානට ඔයාට වතුර බොන්න ඕන වෙලාවල් මතක් කරලම දෙයි.
06. උදෑසන එළවළු ජූස් - , බීට් හෝ පිපිඤ්ඤා වගේ ජූස් එකක් උදේට බොන්න පුළුවන් නම් ඇඟේ විෂ නැසීම (Detox) ඉබේම වෙනවා.
07. රතුළූණු - කෑම කද්දී රතුළූණු ගෙඩි දෙකක් අමුවෙන් හපලා කන්න. ඒක ලේ පිරිසිදු කරන්න නියම ඔසුවක්.
08. දෙහි සහ උණු වතුර - රෑට නිදාගන්න කලින් දෙහි බින්දු කිහිපයක් දාපු උණු වතුර වීදුරුවක් බොන්න. ඒක දවසේ කාපු තෙල් ටික කපලා අරින්න උදව් වෙනවා.
දැන් ප්‍රෝටීන් සහ හිතකර මේදය (Proteins & Good Fats) පැත්ත බලමු
09. පොඩි මාළු - ලොකු මාළු සහ රතු මස් වෙනුවට හාල්මැස්සෝ, සාලයා වගේ පොඩි මාළු කන්න. මේවායේ ඔමෙගා-3 (Omega-3) බහුලයි
10. බිත්තර සුදු මදය - කහ මදය අයින් කරලා සුදු මදය බය නැතුව කන්න. ඒක පිරිසිදු ප්‍රෝටීන්.
විශේෂයෙන් මතක තියාගන්න: මේ දේවල් අද ඉඳන්ම ජීවිතේට එකතු කරගන්න. හැබැයි ඔයා දැනටමත් යම් රෝගයකට බෙහෙත් බොන කෙනෙක් නම්, ආහාර රටාව වෙනස් කරන්න කලින් ඔයාගේ වෛද්‍යවරයාගෙන් අහන්න අමතක කරන්න එපා.
සමාජ මාධ්‍ය ඇසුරෙන්
Comments
Post a Comment