අතේ පයේ කටුවක් ඇනුණාම ඒ වේදනාව දන්නේ ඒක වෙච්ච කෙනෙක්ම විතරයි. සමහර වෙලාවට කටුව ඇතුලටම ගිහින්, අල්ලගන්න බැරි වුණාම පැසවලා ලොකු තුවාලයක් වෙන්නත් පුළුවන්. දොස්තර කෙනෙක් ළඟට දුවන්න කලින්, අපේ පැරණි හෙළ වෙදකමේ එන මේ සත්කාර 10න් එකක් අත්හදා බලන්න.
මේවායින් එකක් කරලා නිදාගත්තම, උදේ වෙද්දී කටුව මතුපිටට ඇවිත් තියෙයි.
1. බේකින් සෝඩා සත්කාරය බේකින් සෝඩා ටිකකට වතුර බිංදු කිහිපයක් දමා ක්‍රීම් එකක් ලෙස සකසා ගන්න. එය කටුව ඇනුණු තැන තබා ප්ලාස්ටර් එකක් දමා පැය 24ක් තබන්න.
2. පාන් සහ උණු කිරි කිරි ටිකකට පාන් කැබැල්ලක් දමා, එය රත් කර (නිවෙන්නට පෙර - රස්නයෙන්) කටුව ඇනුණු තැන තබා ප්ලාස්ටර් එකක් ගසන්න. පාන් වියලුණු පසු ගලවා බලන්න. (පුලුස්සා ගැනීමෙන් වලකින්න).
3. කෙසෙල් ලෙල්ල කෙසෙල් ලෙල්ලක ඇතුල් පැත්ත කටුව ඇනුණු තැන ස්පර්ශ වන සේ තබා, ප්ලාස්ටරයක් ගසා පුරා රැයක් තබන්න. පසුදින ගලවා බලන්න.
4. අල පෙත්ත ඉතා තුනීයට කපාගත් අල පෙත්තක් කටුව ඇනුණු ස්ථානයේ තබා, රැයක් තිබෙන්නට හැර ගලවා බලන්න.
5. සීනි සහ පොල් මදය සීනි සහ පොල් දිය මදය එකට ගෙන හොඳින් අඹරාගන්න. කටුව ඇනුණු ස්ථානය දොඩම් හෝ දෙහි කටුවකින් පාදා, නින්දට යන විට මෙය බඳින්න. පසුදා උදේ වන විට කටුව ඉවතට ඇදී ඇති බව දැකිය හැක.
6. ඉඟුරු සහ සීනි උල් කටු ඇනුණු විට ඒවා පිටතට ගැනීමට, ඉඟුරු සහ සීනි එකට තලා උණු අලුවේ තම්බා කටුව ඇනුණු තැනට බඳින්න
7. වරා කිරි කටුව ඇනුණු ස්ථානයට වරා ගසේ කිරි බිංදු කිහිපයක් දමා පිරිසිදු රෙදි කඩකින් බඳින්න. පසුදා උදය වරුවේ කටුව පහසුවෙන් ඉවත් කරගත හැක.
8. ගස්ලබු කිරි කටු ඇනුණ තැන පිරිසිදු කර, දෙහි කටුවකින් පාදා ගස්ලබු කිරි ස්වල්පයක් තබා බඳින්න.
9. ගෙදරදීම හදාගන්න පුළුවන් ආලේපනයක් (සුදුළූණු මිශ්‍රණය) 🧄 සුදුළූණු, බත්, සීනි සහ පෙරුම්කායම් ස්වල්පය බැගින් ගෙන හොඳින් අඹරා කටුව ඇනුණු තැන බඳින්න.
10. දිවිකදුරු කොළ පත්තුව දිවිකදුරු කොළ, දිවිකදුරු පොතු, කිරි සහ අමුකහ එකට දමා හොඳින් අඹරා කටුව ඇනුණු තැන බඳින්න.
විශේෂ සැලකිල්ලට: කටුව ඉතා ගැඹුරට ගොස් ඇත්නම් හෝ මලකඩ කෑ යකඩ ඇණයක් වැනි දෙයක් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න
සමාජ මාධ්‍ය ඇසුරෙන්
Comments
Post a Comment