
මිනිස් සිරුරේ ඇති ඉන්ද්‍රියන් අතරින් අක්මාවට ඉතාම වැදගත් හිමි වෙන්නේ ඉතාම වැදගත් ස්ථානයක්. අක්මාව විසින් සිදු කරන මුලිකම කාර්යය වෙන්නේ අපේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය හා විෂ ටොක්සින් වර්ග ශරීරයෙන් ඉවත් කිරීම හෙවත් විෂ හරණය කිරීම. ඒ වගේම සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් වර්ග වලින් 90% ක්ම නිෂ්පාදනය සිදු කරන්නේ අක්මාව මගින්. අක්මාවේ නිපදවන පිත මගින් ආහාර ජීර්ණ පද්ධතියට ඇතුළු වන ආහාරවල අඩංගු මේදය බිඳහෙළා, ඒවා ශරීරයට උරා ගැනීමට අත්‍යවශ්‍ය තරලයක් ලෙස ක්‍රියා කිරීම සිදු කරනවා. අපි ගන්න ඇල්කොහොල් සහ විවිධ බටහිර ඖෂධ වල සැර ගතිය ඉවත් කිරීමට මහන්සි වෙන්නේත් අක්මාව. එතකොට අපේ රුධිරයේ කැටි ගැසීමේ ගුණය පවත්වා ගැනීම සදහා අවශ්‍ය ප්‍රෝටීන් නිපදවීමත් අක්මාව මගින් සිදු කරනවා.
සාමාන්‍යයෙන් වැඩුණු නිරෝගී පුද්ගලයකුගේ අක්මාව කිලෝ එක හමාරක පමණ බරින් යුක්ත වෙනවා. උදර කුහරයේ දකුණු පසට වන්නට, පිත්තාශයට ඉහළින් පිහිටා තිබෙන අක්මාව රතු දුඹුරු පැහැයෙන් යුතු මාංශමය ඉන්ද්‍රියක්. මිනිස් ශරීරයේ පිහිටා තිබෙන විශාලතම හා බරින් වැඩිම අභ්‍යන්තර ඉන්ද්රිය ලෙසින් හැදින්වෙන අක්මාව , ශරීරයේ විශාලතම ග්‍රන්ථිය ලෙසද නම් දරා සිටිනවා. ඒ වගේම හානි වූ පසු සම්පූර්ණයෙන් නැවත වැඩෙන එකම අවයවය වන්නේත් අක්මාව බව ඔබ දැන සිටියාද ? අක්මාවට සම්පූර්ණයෙන්ම නැවත වැඩීමේ පුදුමාකාර හැකියාවක් තිබෙනවා. මේ සඳහා අක්මා පටකයෙන් 25% ක් තිබීම හොදමට ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙකුගේ අක්මාවෙන් 50%ක් ඉවත් කළහොත් සති 2ක පමණ කාලයක් තුල , එය නැවත සම්පූර්ණයෙන වැඩීම සිදුවන බව පැවසෙනවා.
හරි දැන් ඔබට නිරෝගී ජිවිතයක් සදහා අක්මාව කියන්නේ මොන තරම් වැදගත් ඉන්ද්‍රියක්ද කියලා තේරුම් යන්න ඇති. දැන් අපි බලමු ඔබේ අක්මාව විෂ වලින් පිරිලා හානි වී ඇති බවට කලින්ම හදුනා ගත හැකි ලක්ෂණ මොනවද කියලා
අංක 01 - පපුවට තරමක් පහල ප්‍රදේශයේ වේදනාව
අක්මාව පිහිටා තිබෙන ප්‍රදේශයේ , ඒ කියන්නේ දකුණු පස පපුවට තරමක් පහල ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙනවා නම් , ඒක ඒ තරම් හොඳ දෙයක් නම් නෙවෙයි. මොකද අක්මාවේ විෂ පිරුණම එකට සාමාන්‍ය විදිහට ක්‍රියාකාරී වෙන්න බැරි වෙනවා. වෛද්‍යවරුන් පවසන පරිදි අක්මාව විෂ වලින් පිරි ඇති බවට අපට හගවන පළමු ඍජු සන්ජාව වන්නේත්, අක්මාව ආශ්රිත ප්‍රදේශයේ ඇති වන වේදනාවයි. ඔබට මතකද ..අපි මේ වීඩියෝ එක ආරම්භයේදීම කිව්වා, අක්මාව කියන්නේ කිලෝ එක හමාරක් විතර බර ශරීරයේ විශාලතම අභ්‍යන්තර ඉන්ද්රිය කියලා. ඒ නිසා සමහර අවස්ථා වල මේ වේදනාව දරා ගැනීමට නොහැකි තරම් අධික වේදනාවක් වීමටත් පුළුවන්. මේ නිසා මෙන්න මේ අපි කියපු ප්‍රදේශයේ වේදනාවක් ආවොත් සහ, ඒක එක දිගටම කාලයක් තිස්සේ පවතිනවා නම් , සමහරවිට ඒ ඔබේ අක්මාව විෂ වලින් පිරිලා කියලා , ඔබට දෙන අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් අක්මාව පරික්ෂාව කර ගැනීම නුවණට හුරු වෙනවා
අංක 02 - වළලුකර හා කකුල් ඉදිමීම
පළමු කරුණේදී අපි කිව්වනේ අක්මාවේ විෂ පිරුණම වේදනාවක් හට ගන්නවා කියලා, ඉතින් ඔබට ඒ වගේ ලක්ෂණ දැනෙද්දීත් , ඒ ගැන නොසලකා , අක්මාවට හානි වෙන දේවල් , ඔබ දිගින් දිගටම කරන කොට තමයි , මේ දෙවැනි ලක්ෂණය වන වලලුලකර හා කකුල් ඉදිමෙන්න පටන් ගන්නේ. වීඩියෝ එක මුලදී අපි කිව්වා මතකද , අක්මාවට පුළුවන් කියලා නැවත තනියම වැඩෙන්න. ඉතින් අක්මාවට දිගටම හානිදායක දේවල් වෙන කොට , අක්මාව විසින් ඉබේම විෂ ඉවත් කරගෙන සුව වෙන්න බලනවා. අක්මාවට හානිදායක වෙන දේවල් කිව්වේ මත්පැන් පානය , අධික සීනි යෙදු ආහාර පාන භාවිතය වගේ දේවල් වලට. මේ විදියට අක්මාව තනිවම සුව වෙන්න දරන උත්සාහයේ අතුරු ප්‍රතිපලයක් විදියට තමයි , කකුල් හා වළලුකරවල් ඉදිමෙන්න පටන් ගන්නේ. සමහර අවස්ථා වල මේ ඉදිමුම කලවා දක්වා පැතිරෙන්න පුළුවන්. ඒ වගේම මේ ඉදිමුම වේදනා රහිත එකක් බවටත් මතක තබා ගන්න. මේ වගේ වේලාවට කරන්න තියෙන හොදම වැඩේ වෙන්නේ වෛද්‍යවරයෙකු හම්බ වෙලා උපදෙස් ගන්න එක තමයි
අංක 03 - අසාමන්‍ය ලෙස බර වැඩි වීම
සාමානයෙන් අපේ ශරීර බර එක් වරම අසාමාන්‍ය ලෙස වැඩි වෙන්නේ , අධික ලෙස ආහාර ගිල දැමීම නිසා හෝ ශරීරය තුල සිදු වන හෝර්මෝන අසමතුලතාවයක් නිසා. මේ කියපු කාරණා දෙකම සිදු නොවී , ඔබේ ශරීර බර එක් වරම අසාමාන්‍ය ලෙස වැඩි වෙනවා නම්. එය ඔබේ අක්මාව විෂ වලින් පිරි ඇති බවට හගවන පුර්ව ලක්ෂණයක් වෙන්න පුලුවන්. අක්මාව අකර්මන්‍ය තත්වයට පත් උනාම, ශරීරයේ විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලිය හරියට කර ගන්න අක්මාවට බැරි වෙනවා. මෙහෙම උනාම පිරිසිදු කර ගන්න බැරි උණු විෂ , මේද සෛල වල ගබඩා කරන්න අක්මාවට සිදු වෙනවා. එතකොට වෙන්නේ අපේ සමස්ත ශරීරයම විෂ වලින් පිරෙන එක.
මෙන්න මේ නිසා තමයි අක්මාවට හානි උනාම , අපේ ශරීර බර අසාමන්‍ය ලෙස වැඩි වෙන්න ගන්නේ. ඉතින් ඔබත් මේ වගේ අසාමාන්‍ය බර වැඩි වීමකට මුහුණ දීලා ඉන්නවා නම් , ඉක්මණටම වෛද්‍යවරයෙක් හමුවෙලා , මේ ගැන කියලා අක්මාව පරික්ෂ කර ගන්න එක හොඳයි. .
අංක 04 - විවිධ ආසාත්මිකතා ඇති වීම
නිතර නිතර විවිධ ආසාත්මිකතා එහෙමත් නැත්තම් ඇලජිස් (Allergies ) ඇති වෙන එකත් , අක්මාවේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අක්මාව හොඳින් ක්‍රියා නොකරන නිසා , පිරිසිදු කර ගන්න බැරි උණු විෂ ද්‍රව්‍ය , ලේ වලට එකතු වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ මොලය , ඒවා ආසාත්මිකතා වලට හේතු වෙන දේවල් විදිහට හඳුනා ගෙන , ඒවාට විරුද්ධව ප්‍රතිදේහ සහ රසායන නිකුත් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රියාවලියේ ප්‍රතිපලයක් විදියට තමයි සමේ කැසීම් , කුෂ්ට වගේ දේවල් මතු වෙන්න ගන්නේ. අක්මාව හොඳින් තියෙනවා නම් මේ වගේ ගැටළු ඇතිවෙන්නෙ නැහැ. මොකද හොඳ නිරෝගී අක්මාවකින් අපේ ලේ හොඳට පිරිසිදු කරලා , රුධිර සැපයුමට එකතු කරන නිසා. ඒ නිසා ඔබටත් මෙවැනි අසාත්මිකතා නිතර ඇති වෙනවා නම් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු මුණ ගැසී උපදෙස් ලබා ගන්න
අංක 05 - සම සහ ඇස් කහ පාටට හැරීම
මිනිසෙකුගේ ඇස් සහ සම කහ පාටට හැරෙනවා කියන්නේ , ඔවුන්ගේ අක්මාව නිසි පරිදි ක්‍රියා නොකරන බවට ලබා දෙන භයානක රතු සන්ජාවක්. මෙහෙම වෙන්නේ ජොන්ඩිස් කියන තත්වය නිසා. මෙය රෝග තත්වයක් නම් නෙවෙයි. අක්මාව හානි වූ බව කියන පුර්ව රෝග ලක්ෂණයක් පමණයි. අක්මාව නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැති වෙන කොට , රුධිර සෛල වල අඩංගු වන, කහ පැහැති අපද්‍රව්‍යක් වන බිල්රුබින් කියන සන්ගටකය ශරීරය තුල ගොඩ ගැසෙන්නට පටන් ගන්නවා. මෙහි ප්‍රතිපලයක් ලෙස තමයි , අපේ ඇස් හා සම කහ පාට වෙන්න පටන් ගන්නේ. ඉතින් මේ වගේ තත්වයකදී හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ.
අංක 06 - අධික තෙහෙට්ටුව
දවස පුරා වැඩ කරන අපි හැමෝම වගේ නිතර තෙහෙට්ටුවට මහන්සියට පත් වෙනවා. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. හැබයි අක්මාව විෂවලින් පිරිලා , නිසි පරිදි ක්‍රියාත්මක නොවන අවස්ථා වල , අපිට දැනෙන තෙහෙට්ටුව බොහොම වෙනස් අසාමාන්‍ය එකක්. මේ තෙහෙට්ටු ගති ඇති වෙන්නේ , කිසිම වැඩක් පල නොකර නිකන් ඉන්න කොට. මෙහෙම වෙන්නේ අක්මාව විසින් සිදු කරන ඉතාම වැදගත් කාර්යක් වන , රුධිරයේ ග්ලුකෝස් යාමන ක්‍රියාවලිය එහෙමත් නැත්තම් , අපිට වැඩ කර ගන්න අවශ්‍ය ශක්තිය නිසි ලෙස සැපයීමේ ක්‍රියාවලිය හරියට සිද්ධ නොවෙන කොට.මෙතනදී වෙන්නේ , මෙන්න මේ වගේ දෙයක්. අක්මාව විසින් ආහාරවලින් ලබාගන්නා ග්ලූකෝස්, ග්ලයිකොජන් බවට පත් කරලා අක්මාවේ ගබඩා කර ගෙන , අවශ්‍ය වෙලාවට ශරීරයට මුදා හැරීම සිදු කරනවා. ඒ කියන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය පමණට වඩා වැඩි වන අවස්ථා වල , අක්මාව මඟින් ඒ වැඩි සිනි ප්‍රමාණය එහෙමත් නැත්තම් ග්ලුකෝස් ප්‍රමාණය, ග්ලයිකොජන් බවට පත් කරලා, ඉදිරි ප්‍රයෝජනය සඳහා අක්මාවේ ගබඩා කර ගැනීම සිදු කරනවා. ඊට පස්සේ රුධිරයෙහි සීනි ප්‍රමාණය අඩු වෙන අවස්තාවලදී , අර කලින් පියවරේදී අක්මාවේ ගබඩා කර ගත්තු ග්ලයිකොජන් බිඳ හෙළමින් , ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට මුදා හැරීම සිදු කරනවා. මෙන්න මේ නිසා අපිට දවස පුරා වැඩි හෝ අඩු මහන්සියකින් තොරව වැඩ කිරීමට ඒකාකාරී ශක්තියක් ලැබෙනවා. නමුත් අක්මාව විෂ වලින් පිරිලා තියෙන කොට, ග්ලුකෝස් ගබඩා කර ගැනීමට හා අවශ්‍ය වන විට මුදා හැරීමට අක්මාවට නොහැකි වෙනවා. ඉතින් මේ නිසා ශරීරයට අවශ්‍ය ශක්තිය නිසි පරිදි නොලැබීම නිසා, නිතරම අධික තෙහෙට්ටු ගතියක් දැනෙන්න ගන්නවා. ඉතින් ඔබේ ආහාර රටාවේ හෝ ජීවන රටාවේ කිසිදු වෙනසක් නැතිව , ඔබට නිතරම අධික මහන්සියක් හෝ නිදිමතක් දැනෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගත යුතුයි.
අංක 07 - මුත්‍රා තද දුඹුරු පැහැයක් ගැනීම
සාමාන්‍යයෙන් මේ විදියට මුත්‍රා තද දුඹුරු පාටක් වෙන්නේ අපි දවස පුරා ප්‍රමාණවත් පරිදී වතුර බොන්නේ නැති උනාම. එතකොට ශරීරය විජලනය වෙලා මුත්‍රා තද පාටක් වෙන්න ගන්නවා. හැබැයි ඔබ ප්‍රමාණවත් පරිදි ජලය පානය කරලත් , ඔබේ මුත්‍රා තද වර්ණයක් ගන්නවා නම් , එය ඔබගේ අක්මාව තුල විෂ පිරි ඇති බවට දෙන සන්ජාවක් විය හැකියි. වෛද්‍යවරුන් සදහන් කරන විදියට තද වර්ණයෙන් මුත්‍රා පිට වීම අක්මා අසාධනය වීම නිසාද සිදු විය හැකියි.
එහෙනම් යාලුවනේ මේ කියපු ලක්ෂණ එකක් හරි කීපයක් හරි ඔබට තිබෙනවා නම් , ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. අක්මාවට හානි කරන ක්‍රියාවන්ගෙන් වැළකිලා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න පුරුදු වෙන්න. ඒ වගේම තමයි දිනපතා අවම වශයෙන් විනාඩි 20ක් වත් ව්‍යායාම් ටිකක් කරන්න උත්සග කරන්න. මේ දේවල් නිවැරදි කර ගන්න කොට හානි වූ අක්මාව නැවත ඉබේම සුව වෙන්න පටන් ගන්නවා. අක්මාවට තනියම සුවවෙන්න නැවත යථා තත්වෙට පත් වෙන්න පුළුවන්. ඒකට ඕන කරන්නේ පොඩි විවේකයක් විතරයි. ඒ කිව්වේ මත්පැන් , දුම්වැටි , කෘතීම රසකාරක යෙදු ක්ෂණික කෑම වර්ග වගේ විෂ තියෙන දේවල් වලින් ටික කාලෙකට ඈත් වෙලා ඉන්න එක.
සමාජ මාධ්‍ය ඇසුරෙන්
Comments
Post a Comment