දෙමාපියන්ගේ අවධානයට - අධික උණ, බෙල්ලේ තද ගතිය තියෙනවා නම් වහාම PHI දැනුවත් කරන්න




දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පාසල් සිසුන් 18 දෙනකු අතරින් 10 දෙනෙකු මෙනින්ජයිටීස් (Meningitis) රෝගීන් බවට හඳුනාගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉතිරි සිසුන් 18 දෙනාම රෝග ලක්ෂණ සහිතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවද වාර්තා වේ.

දියතලාව මූලික රෝහල විසින් දරුවන්ගේ භාරකරුවන් වෙත දැනුම් දී ඇත්තේ, මෙවැනි රෝග ලක්ෂණ ඇතිවූ වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.

එමෙන්ම රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පාසල් සිසුන්ට මුව ආවරණ භාවිතා කිරීම, දෑත් නිතර සෝදා පිරිසිදුව තබා ගැනීම, වැසිකිළි පිරිසිදුව භාවිතා කිරීම සහ සෞඛ්‍යාරක්ෂිත පුරුදු අනුගමනය කිරීම අවශ්‍ය බවද රෝහල් උපදෙස්වල සඳහන් වේ.

සිසුන් එක්රැස්වන සාමූහික ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීමටද අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

අධික උණ, බෙල්ලේ තද ගතිය, අධික නිදිමත හෝ සිහි මද ගතිය, ආලෝකයට බැලීමේ අපහසුව, වමනය, ආහාර ප්‍රතික්ෂේප කිරීම සහ සම මත ලප ඇතිවීම මෙනින්ජයිටීස් රෝගයේ ප්‍රධාන ලක්ෂණ ලෙස දියතලාව මූලික රෝහල සඳහන් කරයි

Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න