නිතරම ඔලුව රිදෙනවද? තෙහෙට්ටුවද? නින්ද අඩුද? එහෙනම් මේ ලිපිය ඔබට වැදගත් වෙයි...


 මේ තුනෙන් එකක් හෝ අපි හැම කෙනෙක්ටම ජීවිතයේ වරින් වර හෝ දැනිලා තියෙනවා. මේ තුනම ඇඟට හරිම අපහසු, අපේ එදිනෙදා වැඩ වලට බාධා කරන දේවල්. නිකමට හිතන්නකෝ මේ ඔක්කම දේවල් ටික එකපාර ඇති වුණාම මොන තරම් අමාරුවක් ද තියෙන්නේ කියලා. ඔලුව පුපුරන්න වනවා වගේ හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි.

අපි ගොඩක් වෙලාවට හිතනවා මේ දේවල් ඇති වෙලා තියෙන්නේ වැඩ වැඩි වීම නිසා, මානසික ආතතිය නිසා, සෙම්ප්‍රතිශ්‍යාව නිසා කියලා. නමුත් මේවාට වෛද්‍ය ප්‍රතිකාර කරා යොමු වෙන්නත් හිතන අවස්ථා අඩුයි. අපි අද ඔබට කියන්න යන්නේ මේ වැනි අවස්ථාවල ඔබට උපකාර කළ හැකි පෝෂක වර්ග කිහිපයක් ගැනයි. දිගටම කියවන්න, අපි මේ ආහාර කොහොමද ඔබේ තත්වයන් වලට උපකාර කරන්නේත් කියලා අපි ඔබට කියනවා.

01 මැග්නීසියම්

ප්‍රතිලාභ

මැග්නීසියම් අවම වශයෙන් අපේ ශරීරයේ රසායනික ක්‍රියා වලින් 300ක් සඳහාවත් අත්‍යාවශ්‍ය වෙනවා. ආහාර ශක්තිය බවට පත් කිරීමටත් ඇමයිනෝ අම්ල වලින් නව ප්‍රෝටීන් සෑදීමටත් මැග්නීසියම් උපකාර වෙනවා. ඒ නිසයි කාංසාව, තෙහෙට්ටුව, මානසික ආතතිය සමඟ සටන් කිරීමට මැග්නීසියම් උපකාර වෙන්නේ. මැග්නීසියම් ඉරුවාරදය සහ නිතර ඇතිවන හිසේරදයට පිළියම් කරනවා. මැග්නීසියම් අඩු වීම මගින් ශරීරයේ සෙරටොනින් මට්ටම අඩු වී රුධිර නාළිකා සිහින් වෙනවා, මෙය ස්නායු ආවේග සම්ප්‍රේෂණයන්ගේ ක්‍රියාකාරිත්වයට බලපානවා. මැග්නීසියම් ප්‍රමාණය අඩු වීම නින්ද නොයාමටත්, මානසික ආතතිය ඇති වීමටත් හේතු වෙනවා.

මැග්නීසියම් මූලාශ්‍ර

දිනකට වයස අවුරුදු 19-30 අතර පුර්ෂයෙකුට පරිභෝජනය සඳහා අනුමත මැග්නීසියම් ප්‍රමාණය 400mg වන අතර වයස 19-30 අතර ඊට වඩා වැඩිමහල් අයට එය 420mg වෙනවා. වයස 19-30 අතර කාන්තාවකට දිනකට අනුමත ප්‍රමාණට 310mg වන අතර ඊට වඩා වැඩි මහල් කාන්තාවන් සඳහා චය 320mg වෙනවා.

මේ මැග්නීසියම් බහුලව අඩංගු ආහාර වර්ග කිහිපයක්

නිවිතිය

රටකජු, කජු ආදී ඇට වර්ග

දුඹුරු සහල්

පරිපූර්ණ ධාන්‍යමය පාන්

මාළු

බිත්තර

අලිපේර

02 විටමින් K

ප්‍රතිලාභ

රුධිරය කැටි ගස්වමින් රුධිරය ගලා යාම වලක්වන ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විටමින් K අත්‍යාවශ්‍යයි. විටමින් K හිඟ වීම අධික ලෙස රුධිරය පිට වීමටත්, තැලීම් වැඩි කිරීමටත් හේතු වෙනවා. ඒ වගේම ආතරයිටීස් නිසා ඇති වන කැල්සිනීකරණය වැළැක්වීමටත්, අල්සයිමර් රෝගය සහ පුරස්ථි ග්‍රන්ථි පිළිකා තත්වයන්ගේ අවදානම අඩු කිරීමටත් විටමින් K වලට හැකියාව ඇති බව අනුමාන කරනවා. මෙය තවමත් සම්පූර්ණයෙන්ම විද්‍යාත්මකව ඔප්පු කර නෑ. චමෙන්ම විටමින් K කැල්සියම් සමඟ එකතු වී අස්ථි වෙත ගමන් කර කැල්සියම් වලට අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. විටමින් K ඌනතාවය අස්ථි ඉක්මණින් බිඳී යාමට හේතු වෙන්න පුලුවන්.

විටමින් K මූලාශ්‍ර

දිනකට ලබාගත යුතු විටමින් K ප්‍රමාණය වයස, ස්ත්‍රී පුර්ෂ භාවය සහ බර අනුව වෙනස් වෙනවා. නමුත් වැඩිහිටියෙකු සඳහා ලබාගත යුතු දෛනික විටමින් K ප්‍රමාණය සෑම කිලෝග්‍රෑම් එකක් සඳහාම 0.00tng ලෙස ගණනය කළ හැකියි.

වේටමින් K බහුලව අඩංගු ආහාර වර්ග

බේසිල්, සේජ්, කොත්තමල්ලි කොළ, පාස්ලි, නිවිතිය, අබ කොළ, බීට්කොළ ආදි පලා වර්ග, එළවලු පලා වර්ග, ලූණු ගස්, සැලරි, ලෙටියුස් වැනි සලාද කොළ වර්ග, ගෝවා, ගෝවා මල්, බ්‍රොකොලි, පාක්රෝයි ආදි චළවලු වර්ග, රතු මිරිස්, රතු ගම්මිරිස්, සියැන් මිරිස් ආදී සැර කුළු බඩු, මහදුරු, ලීක්ස්, බණ්ඩක්කා, සෝයා ඇට, ඔලිව් තෙල්

වේටමින් K හෝ මැග්නීසියම් පෝෂණ අතිරේක ලෙස ලබාගන්නවා නම් අනිවාර්යෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. නමුත් ඔබට සෑම විටම සමබල ආහාර වේලක් තුල මෙම පෝෂක අන්තර්ගත කරගත හැකියි.

(උපුටා ගැනීම රැජිණිය වෙබ් අඩවිය)

Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න