බඩේ දැවිල්ලෙන් පීඩා විඳිනවාද? "ගැස්ට්‍රයිටිස්" පාලනය කරගෙන සුවපහසුව ඉන්න මේ වැදගත් කරුණු අදම දැනගන්න.
වැරදි ආහාර පුරුදු සහ කාර්යබහුල ජීවන රටාව නිසා බොහෝ දෙනෙක් ගැස්ට්‍රයිටිස් රෝගයට ගොදුරු වෙනවා. මෙය සුව කරගන්න හෝ පාලනය කරගන්න ඔබට කළ හැකි සරල දේවල් කිහිපයක් මෙන්න
වේලාවට ආහාර ගන්න:
ගැස්ට්‍රයිටිස් මගහරවා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ප්‍රධාන ආහාර වේල් තුන නියමිත වේලාවට ලබා ගැනීම. ආමාශය හිස්ව තැබීමෙන් එහි ඇති අම්ල (Acid) ආමාශ බිත්තිවලට හානි කරනවා.
අධික කුළුබඩු සහ තෙල් කෑම අඩු කරන්න:
වැඩිපුර මිරිස්, තුනපහ සහ තෙල් සහිත ආහාර ආමාශයේ දැවිල්ල වැඩි කරනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයට මෙවැනි බර ආහාර ගැනීමෙන් වළකින්න.
කෝපි සහ පැණිබීම පාලනය කරන්න:
අධික ලෙස කෝපි පානය කිරීම සහ ඇසිඩ් සහිත පැණිබීම වර්ග (Carbonated drinks) ආමාශයේ අම්ල නිපදවීම වැඩි කරන නිසා ගැස්ට්‍රයිටිස් තත්ත්වය උත්සන්න විය හැකියි.
වතුර ගොඩක් බොන්න:
දිනකට ප්‍රමාණවත් තරම් වතුර පානය කිරීමෙන් ආමාශයේ ඇති අම්ල තනුක කර දැවිල්ල අඩු කිරීමට උදව් වෙනවා.
මානසික ආතතිය සහ නින්ද:
අධික මානසික ආතතිය ගැස්ට්‍රයිටිස් ඇති වීමට ප්‍රධාන හේතුවක්. සුවබර නින්දක් සහ සැහැල්ලු මනසක් පවත්වා ගැනීම රෝගය සුව වීමට අත්‍යවශ්‍යයි.
කෝමාරිකා (Aloe Vera):
කෝමාරිකා වල තියෙන සිසිල්කාරක ගුණය නිසා ආමාශයේ තියෙන දැවිල්ල ඉක්මනින් අඩු කරනවා. කෝමාරිකා මද ස්වල්පයක් වතුර සමඟ මිශ්‍ර කර පානය කිරීමෙන් ආමාශ බිත්ති ආරක්ෂා කරන අතර අම්ල පිච්චීම (Acid Burn) සුවපත් කරනවා.
කෝමාරිකා පානය සකස් කිරීමේදී එහි පිටත ඇති කහ පැහැති යුෂය (Latex) හොඳින් ඉවත් කර පිරිසිදු මදය පමණක් පාවිච්චි කිරීමට වගබලා ගන්න.
උළුහාල් (Fenugreek):
උළුහාල් කියන්නේ ගැස්ට්‍රයිටිස් වලට තියෙන ඉතාම හොඳ ඖෂධයක්. උළුහාල් තේ හැන්දක් රැයක් පුරා වතුරේ දමා තබා පසුදින උදෑසන එම වතුර පානය කිරීමෙන් ආමාශයේ ඇති අම්ල ගතිය පාලනය කරගන්න පුළුවන්. මෙය ආමාශයේ ආරක්ෂිත ස්ථරයක් (Coating) නිර්මාණය කිරීමට උදව් වෙනවා.
: බඩේ දැවිල්ල ඇති වෙලාවට මද උණුසුම් වතුර වීදුරුවක් පානය කිරීම හෝ පිපිඤ්ඤා, කොමඩු වැනි සිසිල් කෑමක් ගැනීමෙන් තාවකාලික සහනයක් ලබාගත හැකියි. නිතර පවතින වේදනාවක් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

Comments
Post a Comment