ලග්නයට අනුව ලොතරැයියක් අරන් බලන්න... ඔබව පුදුමයට පත්වේවී.. මෙන්න විස්තරේ..
වර්තමාන කාලයේ මිනිසුන්ට ආර්ථික අමාරුකම් බොහෝ සේ පවතී.
මේ නිසාම කුමක් හෝ ක්රමයකින් තමන්ට ධනයක් ලැබේ නම් අපි කාටත් එය සතුටකි. යම්කිසි ජන්ම පත්රයක ධන යෝග කුමන ක්රමයකින් හෝ දියුණුවක් ලැබෙන බව කේන්දරය පරීක්ෂා කිරීමෙන් අපි ලැබූ අත්දැකීමය. යම්කිසි ජන්ම පත්රයක දෙවැන්නාධිපති හා චකොළොස් වැන්නාධිපති මාරු වී ඇත්නම් එවැනි අයට පහසුවෙන් මුදල් ලැබේ. තවද දෙවැනි භාවය තුළ ගුරු, බුධ, සිකුරු, ශනි උච්චව ස්වක්ෂේත්රව සිටීමද බලවත් ධන යෝගයකි. එවැනි යෝග තිබුණත් නැතත් කෙනෙකුට ලොතරැයි ඇදෙන ක්රමයක් අද ඔබට පෙන්වා...
දෙමි. එක් එක් ලග්න වලට ලොතරැයි ඇදෙන ක්රම තිබෙන අතර, මේෂ ලග්නයට මේෂ ලග්නයට ලොතරැයි ඇදෙන්නේ මෙහෙමයි. මේෂ ලග්නයට එ කොළොස් වැනි භාවය වන්නේ කුම්භ රාශියයි. එවිට කුම්භ රාශියට අධිපති දිනය වන්නේ සෙනසුරාදා දිනයයි. චව්ට ලොතරැයි ගන්න තිබෙන්නේ සෙනසුරාදා දින බුධ හෝරාව තුළදීයි. සෙනසුරාදා දින බුධ හෝරාව පටන් ගන්නේ පෙ.ව. 1100 සිට 12.00 දක්වා කාලයයි.
එවිට මේෂ ලග්න කරුවන් ලොතරැයි ගත යුත්තේ සෙනසුරාදා දිනවල පෙ.ව. 11.00ත් 2.00ත් අතර කාලය තුළයි. මෙහිදී සෑම මාසයකම සෑම දිනයකදීම එකම වේලාවට හිරු උදා නොවේ. මේ නිසා ඒ දිනයන්හි හිරු උදාව අනුව වෙලාව සාදාගෙන ලොතරැයි ගත යුතු අතර තමාගේ ජය අංකයට අනුව ලොතරැයි ගන්න. මේෂ ලග්න කරුගේ ජය අංක වන්නේ 1 4 වැනි අංකයන්ය.
වෘෂභ ලග්නයට
මීළඟට වෘෂභ ලග්නයට ලොතරැයි ඇදෙන ක්රමය බලමු. වෘෂභ ලග්න හිමිකරුවන්ගේ චකොළොස් වැන්න වන්නේ මීන රාශියයි. එවිට වෘෂභ ලග්න කරුවන් ලොතරැයි ගත යුත්තේ ගුරු දින වනම් බ්රහස්පතින්දා දිනයේය. ගුරු දින බුධ හෝරාව පටන් ගන්නේ පෙ.ව. 10.00 සිට 100 දක්වා කාලය තුළයි. මෙහිදී ද එදින හිරු උදාව සලකා ලොතරැයි ගන්න. වෘෂභ ලග්න හිමියන්ගේ ජය අංකය වන්නේ අංක 6ය.
මිථුන ලග්නයට
ඊළඟට මිථුන ලග්න කරුවන් ලොතරැයි ගත යුතු ක්රමය බලමු. මිථුන ලග්න හිමියන් එ කොළොස් වැන්නේ මේෂ රාශියයි. එවිට මිථුන ලග්න කරුවන් ලොතරැයි ගත යුත්තේ අඟහරුවාදා දිනවලයි. කුජ දින බුධ හෝරාව පටන් ගන්නේ පෙ.ව. 09.00 සිට 10.00 දක්වාත්, පස්වරු නම් ප.ව. 04.00 සිට 05.00ත් අතර කාලය තුළයි. මිථුන ලග්න කරුවන්ගේ ජය අංක වන්නේ 3, 5 වැනි අංකයන්ය. මෙහිදී ද වදින හිරු උදාව අනුව වේලාව සකස් කරගෙන ලොතරැයි ගතයුතු බව සලකන්න.
කටක ලග්නයට
කටක ලග්න කරුවන් ලොතරැයි ගත යුත්තේ සිකුරාදා දිනවලය. සිකුරාදා දිනවල බුධ හෝරාව පටන් ගන්නේ උදේ 07.00ත්, 08.00ත් අතර කාලය තුළයි. පස්වරුවේ නම් ප.ව. 02.00 සිට 03.00 අතර කාලය තුළයි. මෙහිදී පෙර පරිදිම ඒ ඒ දිනයන්හි හිරු උදාව අනුව වේලාව සකස් කරගන්න.
සිංහ ලග්නයට
මීළඟට සිංහ ලග්න කරුවන්ට ලොතරැයි ගත යුත්තේ බුධ දිනයි. බුධ දින බුධ හෝරාව පටන් ගන්නේ උදේ 06.00ත් 07.00 අතර කාලය තුළයි. පස්වරුවේ නම් ප.ව. 0100, 02.00ත් අතර කාලය තුළයි. මෙහිදී ද හිරු උදාව අනුව වේලාව සකස් කර ගත යුතු අතර ජය අංක වන්නේ 1 4 වැනි අංකයන්ය.
කන්යා ලග්නයට
කන්යා ලග්න කරුවන් ලොතරැයි ගත යුත්තේ සඳුදා දිනවලය. සඳුදා දිනවල බුධ හෝරාව පටන් ගන්නේ දහවල් 2.00ත් 0100ත් අතර කාලය තුළදීය. රාත්රී නම් රාත්රී 07.00ත් 08.00ත් අතර කාලය තුළයි. පෙර සේම හිරු උදාව අනුව වේලාව වෙනස් කරගත යුතු අතර ඔවුන්ගේ ජය අංක වන්නේ 3, 5, 7 වැනි අංකයන්ය.
තුලා ලග්නයට
තුලා ලග්නයට ලොතරැයි ඇදෙන ක්රමය වන්නේ ඉරිදා දවස තුළ බුධ හෝරාවයි. ඉරිදාට බුධ හෝරාව යෙදෙන්නේ උදේ 08.00 සිට 09.00 දක්වා කාලය තුළයි. සවසට නම් ප.ව. 03.00 සිට 04.00 දක්වා කාලයයි. තුලා ලග්න කරුවන්ගේ ජය අංකය වන්නේ 6 ඉලක්කමයි. අනෙකුත් ලග්න වලට මෙන්ම තුලාවට ද ඒ ඒ දිනයන්හි හිරු උදාව අනුව වේලාව සකස් කරගන්න.
වෘශ්චික ලග්නයට
මීළඟට වෘශ්චික ලග්නයට ලොතරැයි ඇදෙන ක්රමය බලමු. චම රාශියට ලොතරැයි ගත යුත්තේ බදාදා දිනවලයි. බදාදා දිනවල බුධ හෝරාව පටන් ගන්නේ උදේ 06.00 සිට 07.00 දක්වාත් පස්වරු නම් 0100 සිට 02.00 දක්වා කාලය තුළයි. රාත්රි කාලයට වුවත් බුධ හෝරාව සුබයි. වෘශ්චික රාශියට සුබ අංක වන්නේ 1, 2, 4 වැනි අංකයන්ය. මෙහිදී ද හිරු උදාව අනුව වේලා සකස් කරගන්න.
ධනු ලග්නයට
ධනු රාශි හිමි අයට ලොතරැයි ගැනීමට තිබෙන්නේ සිකුරාදා දිනවලය. සිකුරාදා බුධ හෝරාව උදා වන්නේ උදේ 07.00ත් 08.00ත් අතර කාලය තුළයි. 3, 5, 8 ජය අංකයන්ය.
මකර ලග්නයට
මකර රාශියට ලොතරැයි ගත යුත්තේ පෙ.ව. 09.00ත් 1000ත් අතර කාලය තුළයි. ජය අංකය වන්නේ 78.
කුම්භ ලග්නයට
කුම්භ රාශියට ලොතරැයි මිලදී ගත යුත්තේ ගුරු දිනයි. ගුරු දින පෙ.ව. 10.00, 1100ත් අතර කාලය තුළයි. ජය අංක වන්නේ 3, 7, 8 වැනි අංකයන්ය.
මීන ලග්නයට
මීන රාශියට ලොතරැයි ගත යුත්තේ සෙනසුරාදා දිනවල පෙ.ව. 1100ත් 12.00ත් අතර කාලය තුළදීය. ප.ව. නම් 06.00ත්, 07.00ත් අතර කාලය තුළයි. ජය අංක වන්නේ 3, 9 වැනි අංකයන්ය.
සියලුම ලග්න කරුවන් ලොතරැයිපත් මිලදී ගත යුත්තේ ඒ ඒ දිනවලට හිරු උදාව අනුව හෝරාව සකස් කරගෙනය. මෙහිදී ඒ ලග්න වලට බුධ ග්රහයා චකොළොස්වැන්නට පැමිණෙන කාලසීමාව විශේෂ වන අතර කෙනෙකුගේ ධන යෝග යෙදී ඇත්නම් බුධ මහ දශාව හා බුධ අන්තරයත් විදශාවත් ලබා බුධ ග්රහයා කේන්දරයේ උච්චව ස්වක්ෂේත්රව මිත්රව සිටී නම් අනිවාර්යයෙන්ම කෙනෙකුට ලොතරැයි දිනුමක් ලැබෙන බව ජේයාතිෂයේදී උගන්වයි.
හෝරාව යෙදෙන ආකාරය ලිතකින් හෝ යාතිෂ පත්රයකින් බලාගත හැකිය. රාත්රි කාලයට වුවත් බුධ හෝරාව යොදා ගැනීම සුදුසුය.
උපුටා ගැනීම මව්බිම

Comments
Post a Comment