ඔයත් උදේට නැගිට්ට ගමන් කිරි තේ බොන කෙනෙක්ද? එහෙනම් මේ ගැනත් දැනුවත් වෙන්න
අපි හුඟක් දෙනෙක් උදේ ඇහැරුණු ගමන් මුලින්ම හොයන්නේ හොඳ කිරි තේ එකක්.
මහන්සියක් දැනුනත්, නෑදෑයෙක් ගෙදර ආවත්, ඔලුව රිදෙනවා වගේ දැනුනත් අපිට මතක් වෙන්නේ කිරි තේ එක. අපි හිතාගෙන ඉන්නේ මේක ඇඟට පණ දෙන බීමක් කියලා. හැමෝම ආදරය කරන මේ කිරි තේ කෝප්පය ඇතුළේ සැඟවුණු අඳුරු විද්‍යාත්මක ඇත්ත ගැන ඔබ මොහොතකටවත් හිතලා තියෙනවද?
ඇත්තටම ප්‍රශ්නය තියෙන්නේ තේ කොළ වල නෙමෙයි. තේ කොළ කියන්නේ ස්වභාවික ඖෂධයක්. ගැටලුව තියෙන්නේ අපි මේ රසවත් තේ කෝප්පයට කලවම් කරන අනිත් දේවල් වලයි.
සාමාන්‍යයෙන් කිරි තේ එකකට අපි සීනි හැඳි දෙක තුනක් දානවා. දවසට තේ කෝප්ප තුනක් බිව්වොත් ඔබ නොදැනුවත්වම සීනි හැඳි 6ක් හෝ 9ක් ශරීරයට එකතු කරගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන විදිහට නිරෝගී පුද්ගලයෙක් දවසටම ගත යුතු උපරිම සීනි ප්‍රමාණය තේ හැඳි 6යි. එතකොට ඔබේ මුළු දවසේම සීනි කෝටා එක මේ තේ කෝප්ප වලින්ම ඉවරයි.
තේ වල තියෙන තිත්ත රසය නිසා අපිට මේ සීනි වල අධික පැණි රසය දැනෙන්නේ නැහැ. සරලවම කිව්වොත්, අපි කරන්නේ සීනි ටිකක් බොන්න රසවත් මාධ්‍යයක් විදිහට තේ පාවිච්චි කරන එකයි.
ඔබ කිරි තේ එකක් බිව්ව ගමන් ඔබේ රුධිරයේ සීනි මට්ටම එකපාරටම ඉහළ යනවා (Glucose Spike). මේක පාලනය කරන්න ඔබේ අග්න්‍යාශය (Pancreas) මගින් 'ඉන්සියුලින්' හෝමෝනය මුදාහරිනවා. නිතර නිතර මේ විදිහට ඉන්සියුලින් පාවිච්චි කරනකොට, කාලයත් එක්ක ඔබේ සෛල ඉන්සියුලින් වලට ප්‍රතිචාර දක්වන්නේ නැතිව යනවා. මේක තමයි 'ඉන්සියුලින් රෙසිස්ටන්ස්' (Insulin Resistance) කියන්නේ. මේ තත්ත්වය අවසානයේ ඔබව දියවැඩියා රෝගියෙක් බවට පත් කරනවා. ලංකාවේ හතර දෙනෙක්ගෙන් එක්කෙනෙක් අද මේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව ඔබ දන්නවද?
අපි පාවිච්චි කරන කිරිපිටි නිෂ්පාදනය කරන්නේ දියර කිරි අධික උෂ්ණත්වයකට රත් කරලා වතුර වාෂ්ප කිරීමෙන්. මේ ක්‍රියාවලියේදී කිරිවල තියෙන ගුණ විනාශ වෙනවා විතරක් නෙමෙයි, එහි ඇති කොලෙස්ටරෝල් 'ඔක්සිඩයිස්' වෙලා ඔබේ රුධිර නාල වල තැන්පත් වෙන්නත් පුළුවන්. කිරිපිටි හැන්දක් කියන්නේ අධික කැලරි ප්‍රමාණයක්. ඉතින් බඩ නෙරා ඒම ගැන අහන්න දෙයක් නැහැ නේද?
මේකෙන් ගැලවෙන්නේ කොහොමද?
තේ බීම සම්පූර්ණයෙන්ම නතර කරන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මේ පුරුද්ද සෞඛ්‍ය සම්පන්න විදිහට වෙනස් කරගන්න. මෙන්න ඒකට සරල පියවර 3ක්
ඔබ හැඳි දෙකක් දානවා නම් හෙට ඉඳන් එකක් දාන්න. සති දෙකකින් ඒක භාගයක් කරන්න. දවස් 21ක් යනකොට ඔබේ දිව අඩු සීනි රසයට හුරු වේවි.
තේ එකට ඉඟුරු කෑල්ලක්, කරාබු නැට්ටක් වගේ දෙයක් එකතු කරගන්න. ඒකෙන් සීනි නැති අඩුව දැනෙන්නේ නැති වෙනවා වගේම ඉඟුරු කියන්නේ ඉන්සියුලින් පාලනයට උදව් වෙන ඖෂධයක්.
කහට තේ (Plain Tea) වලට මාරු වෙන්න: පුළුවන් නම් කිරිපිටි අයින් කරන්න. තේ කොළ වල තියෙන නියම ඇන්ටිඔක්සිඩන්ට් ගුණය ලැබෙන්නේ කිරි රහිතව බීමෙන් පමණයි.
ඔබේ ශරීරය කියන්නේ කුණු කූඩයක් නෙමෙයි. ඒ නිසා ඔබ ආදරය කරන අයගේ ජීවිතත් රැකගන්න, මේ ගැන දෙපාරක් හිතන්න. අදම ඔබේ තේ කෝප්පයෙන් සීනි හැන්දක් අඩු කරලා වෙනස අත්විඳින්න!
Copied

Comments
Post a Comment