බත් කනකොට හැමදාම මේ ගුලිය කන්න කොලෙස්ටරෝල් නැත්තටම නැති වෙලා යනවා
මේක සකස් කරනකොට අපිට ඕන වෙනවා කරපිංචා,සුදුලූණු ගෙඩියක්,උලු හාල් ටිකක් කුරුඳු පොතු, ගොරක කෑලි තුනක් හතරක්.
හදන්නෙ මෙහෙමයි.
මුලිම්ම උළුහාල් සහ ගොරකා වතුරේ දාලා පොඟවා ගන්න ඕන..ඒකට වතුර ස්වල්පයක් මිශ්‍ර කරලා මේ හැම දෙයක්ම බ්ලෙන්ඩර් කරගන්න ඕන. බ්ලෙන්ඩරයක් නැත්තම් නම් කුඩා වංගෙඩියක් හෝ ඇඹරුම් ගලක් භාවිතා කරන්නත් පුලුවන්. මේක පේස්ට් එකක් නැත්තන් තලපයක් වගේ තමා පිළියෙල කරගන්න ඕන.
දෙවෙනි ක්‍රමයට මේක පිළියෙල කරගද්දීඅපිට අවශ්‍ය වෙනවා වෙනස් ද්‍රව්‍ය ටිකක්. එය තමයි උළු හාල්,සියඹලා දළු, කලු දුරු,කරපිංචා, ගොරකා සහ සුදුලූණු ගෙඩියක්.
කලින් ක්රමේදිි වගේම මේ හැම දෙයක්ම එකට එකතු කරලා වතුර ටිකකුත්එකක් කරලා ගන මිශ්‍රණයක් වගේ වෙන විදිහට අඹරල හරි බ්ලෙන්ඩර් කරලා හරිසකස් කරගන්න ඕන.
මේ විදියට සාදාගත් ඖෂධ ගුලියෙන් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් දිනකට ආහාර සමඟ ලබාගන්න පුලුවන්. මෙම අඹරාගත් ගුලිය ශීතකරණයක වුවද තබා භාවිතයට ගන්න පුලුවන්.
ඔබ දැනටමත් කොලෙස්ටරෝල් ඇති අයෙකු නම් මෙම ඖෂධය සතියකට දින හතරක් පහක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්. ඔබට කොලෙස්ටරෝල් ගැටළුවක් නොමැති වුවත් සතියකට දින දෙක තුනක් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයක් ආහාරයට එක්කර ගැනීමෙන් අනාගතයේ ඇතිවන කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමෙන් මිදී ඉන්න පුලුවන් .
විශේෂයෙන්ම දෙවැනි කොලෙස්ට්‍රෝල් ගුලියේ කළුදුරු එහෙමත් අන්තර්ගත වෙන හින්දා හදවතේ ඇතිවන අවහිර වීම් තත්ත්වලට ගොඩක් ගුණදායක වෙනවා.
ඉතින් ඔබ ශරීරයට අපහසුතාවයක් නොමැති වුණත් මාස තුනකට වතාවක් විතර ඔබේ රුධිරගත මේද මට්ටම පරීක්ෂා කිරීම ගොඩක් වටිනවා. මේකෙදි අනිවාර්යෙන්ම සාමාන්‍ය කොලෙස්ටරෝල් මට්ටම බලනවට වඩා වැදගත් වෙන්නේ ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බලාගන්න එක. අපිට හැම කොලෙස්ටරෝල් වර්ගයක් ගැනම හොඳ අදහසක් එන්නේ ඒ විදිහට රුධිර පරීක්ෂණ වාර්තාව ලබා ගත්තායින් පස්සේ තමයි
You will be redirected in:
60
5

Comments
Post a Comment