හිස්කබලේ විෂබීජ මරා, කොණ්ඩය වේගයෙන් වවන ආයුර්වේද "බුලත් තෙල් සත්කාරය"


මේ තෙල හදන්න ටිකක් මහන්සි වෙන්න ඕන, හැබැයි ප්‍රතිඵලය දැක්කම ඒ මහන්සිය අපරාදේ කියලා හිතෙන එකක් නෑ. බුලත් වල තියෙන ප්‍රති-බැක්ටීරියා ගුණය තමයි මෙතන ප්‍රධාන වෙන්නේ.

අවශ්‍ය දේවල්...

 හොඳට පැහුණු බුලත් කොළ 10ක් 15ක්. (ළා කොළ පාට දලු ගන්න එපා. වැලේ මැද හරියේ හෝ පහල තියෙන හොඳට මේරූ, තද කොළ පාට කොළ තමයි ඕන. බෙහෙත් ගුණය තියෙන්නේ ඒවයේ).

පිරිසිදු පොල්තෙල් කෝප්පයක් (250ml). (බේස් ඔයිල් එක විදියට).

(අවශ්‍ය නම්) කරපිංචා ඉති කිහිපයක් හෝ උළුහාල් හැන්දක්. (තවත් පෝෂණය වැඩි කරන්න).

වතුර නැති පිරිසිදු භාජනයක්.

පළමූව බුලත් සූදානම්  කර ගැනීමයි.

බුලත් කොළ ටික හොඳට හෝදලා, පිරිසිදු රෙදි කෑල්ලකින් පිහදාලා තෙත යන්නම වේලගන්න. (වතුර චුට්ටක්වත් තියෙන්න බෑ, නැත්නම් තෙල ඉක්මනින් නරක් වෙනවා).

 දැන් මේ වේලුණු කොළ ටික අතින් පොඩි කෑලි වලට කඩාගන්න. (නැත්නම් වංගෙඩියේ දාලා පොඩ්ඩක් තලාගන්නත් පුළුවන්).

දෙවනුව ලිපේ තැබීමයි..

පිරිසිදු භාජනයක් ලිපේ තියලා, ඒකට පොල්තෙල් ටික දාන්න.

තෙල ටිකක් රත් වීගෙන එද්දී, අර කඩාගත්තු බුලත් කොළ ටික (සහ කරපිංචා/උළුහාල් ගන්නවා නම් ඒ ටිකත්) මේකට දාන්න.

ඉන් පසුව මේ තෙල සිඳීමයි

 (ඉවසීමෙන් කරන්න) 

වැදගත්ම දේ...

ගින්දර ගොඩක්ම අඩුවෙන් තියන්න  කොළ ටික කර වෙන්න දෙන්න එපා.

 හැන්දකින් කවලම් කර කර, කොළ වල පාට වෙනස් වෙලා, තද දුඹුරු පාට වෙනකම් සහ කොළ වල තියෙන "චට පට" සද්දේ (වතුර ගතිය) නැති වෙනකම් තෙල සිඳින්න.

තෙල ලස්සන තද කොළ පාටකට හැරෙයි. බුලත් සුවඳ ගෙදරම පැතිරෙයි.

"චට පට" සද්දේ නැවතුණු ගමන් ලිපෙන් බාලා නිවෙන්න තියන්න.

ඊට පසුව  පෙරා ගැනීමයි..

තෙල හොඳටම නිවුනට පස්සේ, පිරිසිදු සුදු රෙදි කෑල්ලකින් හෝ ෆිල්ටර් එකකින් මේ තෙල පෙරාගෙන, වතුර නැති වීදුරු බෝතලයකට දාගන්න.

 (දැන් ඔයාගේ මැජික් තෙල ලෑස්තියි).

 ආලේප කරන නිවැරදි විදිය..

1..පාවිච්චි කරන හැම වෙලාවෙම තෙල් ටිකක් පොඩි පීරිසියකට අරගෙන, ඩබල් බොයිල් (Double boil) ක්‍රමයට චුට්ටක් රත් කරගන්න. (නිවෙන රස්නෙට).

2..කොණ්ඩෙ කොටස් වලට බෙදලා, ඇඟිලි තුඩු වලින් මේ රස්නේ තෙල හිස්කබලේ හොඳට ගාලා විනාඩි 10ක් විතර මසාජ් කරන්න. කොණ්ඩෙ අගටත් ගාන්න.

3..අවම වශයෙන් පැය 2ක්වත් ඔළුවේ තියෙන්න හරින්න. (රෑට ගාලා උදේට හේදුවොත් ප්‍රතිඵල ගොඩක් වැඩියි).

4.. මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරලා හොඳට හෝදලා දාන්න.

ඇයි බුලත් තෙල් මෙච්චර විශේෂ?

1.. හිස්හොරි සහ හිස්කබල කසන එකට මීට වඩා හොඳ ස්වභාවික බෙහෙතක් නෑ.

2.. බුලත් වල තියෙන පෝෂක වලින් කොණ්ඩ මුල් ශක්තිමත් වෙලා, කොණ්ඩෙ යටින් අලුත් ගස් එන්න පටන් ගන්නවා.

3..අකලට කොණ්ඩෙ ඉබේ සුදු වෙන එක පාලනය කරන්න බුලත් වලට පුළුවන්.

කොච්චර කරන්න ඕනද?

 සතියට දවස් 2ක් හෝ 3ක් මේ තෙල අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න.

 මේ හදාගත්තු බෝතලේ මාස 3ක් විතර නරක් නොවී තියාගන්න පුළුවන්.

ඉතින් ගෙදර බුලත් වැලක් තියෙනවා නම්, ඒක නිකන් තියන්න එපා. මේ විදියට තෙලක් හිඳගෙන පාවිච්චි කරලා බලන්න. මාසයක් යද්දී වෙනස ඔයාටම දැනෙයි. 

උපුටාගැනීමකි


Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න