දිනපතා වියළි මිදි 5ක් කෑවොත් ඔබේ සිරුරට සිදුවෙන හිතාගන්නවත් බැරි විස්මිත දේ
ලෙඩ නැතුව හැමදාම නිරෝගීව ඉන්න නම් ‘වියලි මිදි’ ඔබේ ආහාරය ටත් එක් කරගන්න.
උදේ ආහාරයට ග්‍රෑම් 50 එක් කර දවස පුරා අධි රුධිර පීඩනයෙන් වැළකෙන්න
රුධිර නාල පිරිසිඳු කරගැනීමෙන් රුධිර පීඩනය ස්ථාවර කර ගත හැකි ය.
ලෝකයෙහි හෘද රෝග අඩු ම රටක් ලෙස ප්‍රංශය නම් දරා ඇති අතර ඊට හේතු සෙවීමේ දී සොයා ගත හැකි වූයේ එරට වාසීන් වැඩි වශයෙන් වයින් පානය කරන බවයි. වයින් සැදීමට ගන්නා මිදි වල පොත්තෙහි හදවතට බෙහෙවින් හිතකර රෙස්ට්රත්රෝල් අඩංගු වන බව සඳහන් වෙනවා. එහෙයින් මිදි හා වියළි මිදි හෘදය නිරෝගීව තබා ගැන්මට බෙහෙවින් උපකාරී වන්නක් ලෙස සැලකිය හැකියි.
යකඩ, කැල්සියම්, පොටෑසියම්, ප්‍රෝටීන් කාබොහයිඩ්රේට්, සින්ක් සහ විටමින් C K A B වැනි විවිධ පෝෂණ සංඝටක වලින් පොහොසත් වියළි මිදි, ප්‍රති ඔක්සිකාරක ගුණ සපිරි වටිනා ආහාරයක්. එහි ග්‍රෑම් 100 ක් කිලෝ කැලරි 299 කින් යුක්තයි. එය දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රම වල දී බොහෝ රෝග වලට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙනවා. සෙම් රෝග සඳහා ප්‍රති ජීවක ගුණ ලබා දෙමින් සෙම් රෝග සමනය කර දෙනවා. නිරෝගී පුද්ගලයන්ට ද එය ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග වලින් වැළැකිය හැකි බව සඳහන්. එය බැක්ටීරියා හා වයිරස් රෝග වළක්වන්නක්.
වියළි මිදි දිනපතා ආහාරයට ගැනීමෙන් ප්රතිලාභ රාශියක් අත්කර ගත හැකියි. ඒවායේ ඇති ෆෘක්ටෝස් ක්ෂණිකව ශක්තිය වඩන බැවින් මලල ක්‍රීඩකයන්ට ඉතා හිතකරයි. එසේ ම බහුලව ඇති මැග්නීසියම් හා පොටෑසියම් සිරුරේ ආම්ලිකතාවට පිළියමක්. වියළි මිදි හදවත් රෝග මෙන් ම අක්මා රෝග, ආතරයිටීස් හා වකුගඩු රෝග, වැළඳීමේ අවදානම ද අවම කර දෙනවා. එහි ඇති පොලිෆීනෝල් පිළිකා වලට එරෙහිව ක්‍රියාකරන්නක් බැවින් පිළිකා පාලනය කිරීමට උපකාරයක් වෙනවා.
කැල්සියම් හා ඛනිජ ලවණ, සිරුරේ අස්ථි ශක්තිමත් කරනවා. දත් වල සුවය රකිනවා. දත් දිරීමට ලක් කරන බැක්ටීරියා මඬින රසායන පහක් ඒවායේ අඩංගුයි. එමගින් දත් මුල් දියවීම්, දත් දිරායාම් වළකිනවා. එහෙත් දරුවන්ට නිතර ඒවා සපන්නට දීමෙන් දත් නිසි ලෙස පිරිසිදු කරගන්නට නො හැකි වීමෙන් දත් වල ගැටළු ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
වියලි මිදි වල අඩංගු බෝරෝන් මගින් වියපත් කාන්තාවන්ට ඇති විය හැකි අස්ථි දුර්වලතා වළකා ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග වලට වැට බඳිනවා. එසේ ම ඒවායේ ඇති ආනින් ඇමයිනෝ අම්ලය ලිංගික සෞඛ්‍යය වර්ධනය කරන්නක් හා ලිංගික හැකියාව උත්තේජනය කරන්නක්. එය පිරිමින්ට ඇති දරුපල අහිමි අපහසුව දුරලමින් ශුක්‍රාණු වර්ධනය කර දෙනවා.
විවිධ ආසාදන වලින් සිරුර බේරා ගන්නා, ප්රතිබැක්ටීරියා හා ප්‍රති ඔක්සිකාරක නිසා දෙඇස් අහිතකර කිරණ වලින් ආරක්ෂා කරන්නට ද වියලි මිදිවලට හැකියි. ඇස් අන්ධ වීමට බලපාන , අක්ෂි රෝග වලින් වැළකීමට ඒවා සහාය වෙනවා. එසේ ම වායු ගෙඩි ඇතිවීමට එරෙහිව ද ක්‍රියාකරනවා. සිරුරේ ප්‍රතිශක්තිකරණ. ශක්තිය වර්ධනය කරනවා..අධි රුධිර පීඩනය පාලනය කිරීමට දායක වෙනවා. හීමොග්ලොබින් ඇති කරන යකඩ වලින් රුධිරය වර්ධනය කර නීරක්තිය දුරු කරනවා .
නිදහස් කිරණ වලින් සිරුර ආරක්ෂා කරන ප්‍රතිඔක්සිකාරක නිසා බඩවැල් පිළිකා වලට වැට බැඳීම ටත් වියලි මිදි උපකාරී වෙනවා. එසේ ම ජීර්ණ ප්‍රදේශය පිරිසිදු කරමින් ජීර්ණ ක්‍රියාවලිය ටත් සහාය වනවා. ඒවායේ කෙඳි ජලයේ දියවී නොයන බැවින් ඉන් පහසුවෙන් මල බද්ධය දුරුවනවා. අහිතකර මේද තැන්පත් නොකර සිරුරු පුෂ්ටිමත් කිරීමේ හැකියාව ත් වියලි මිදි සතුයි . පෝෂණ ඌණතා ඇති කෘශ දරුවන්ට එය විටමින් ටොනික් එකක් වැනියි.
වියළි මිදි අපේ සම කෙරෙහිත් හිතකර ලෙස බලපානවා. ඒවායේ ඇති සින්ක් නිසා සම රැලි වැටීම් සමේ වර්ණ වෙනස්වීම් වළකිනවා. සම නිරෝගීව තබමින් පැහැපත් පෙනුමක් ලබාදීමට එය හේතු වෙනවා. සින්ක් මගින් හිසකෙස් වැටීමත් වළකන බැවින් ඉන් හිසකෙස් ද හොඳින් වැඩෙනවා.
මුත්‍රා දැවිල්ල හා මුත්‍රා පිටකිරීමේ. අපහසුතාව ඇති විට වියළි මිදි ග්‍රෑම් 50 ක් පේර කොළ ග්‍රෑම් 10 ක යුෂ සමග මිශ්‍ර කර උදේ සවස ගැනීමෙන් සහනය අත්වන බව සඳහන්. ඉන්සියුලින් ලබා ගන්නා දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම අනවශ්‍ය ලෙස පහත වැටීම වැළැක්වීමට වියළි මිදි ගෙඩි දෙකක් කෑම හිතකර බව සඳහන් වෙනවා. කුඩා දරුවන්ට රාත්‍රි නින්දේ දී මුත්‍රා පිටවීම වැළැක්වීමට, නින්දට පෙර වොල්නට් ඇට දෙකක් සමග වියලි මිදි ගෙඩි පහක් ලබා දීම පලදායක බව ත් සඳහන් වෙනවා.
දිනපතා වියලි මිදි අහුර බැගින් ආහාරයට ගැනීමෙන් සිරුරට එහි වාසි අත්කර ගත හැකියි. එහෙත් ප්‍රතිජීවක ඖෂධ ගන්නා විටත්, ප්‍රති විෂාද හා මානසික අවපීඩන සඳහා ඖෂධ ගන්නා විටත් , වියලි මිදි වල ඇති පිරමින් අහිතකර විය හැකි බැවින් එවැන්නන්ට වියලි මිදි ගැන්ම සුදුසු නැහැ.
You will be redirected in:
60
5

Comments
Post a Comment