හිස්කබලේ සෙම පිරිම හෙවත් සයිනෝසයිටිස් සුව කරන ස්වාභාවික ක්‍රම
දිනෙන් දින වැඩි වන වෛරස් වර්ග හා වායු දූෂණය වැනි හේතු නිසා අපගේ සිරුරට වාතය මගින් ඇතුල් වන රෝග කාරක මගින් ශරීරය ආරක්ෂා වීමට ශරීරය මගින් ශ්ලේශ්මල /සෙම වැඩි වශයෙන් නිශ්පාදය කරයි.
මේවා නිසි ආකාරව බැහැර නොවීම නිසා හිස් කබලේ ඇති සයිනස් කුහර වල තැන්පත් වීම සිදු වේ.
මේසේ සෙම කාලයක් තිස්සේ එකතු වී බැක්ටීරියා ආසාදනයට ලක් වීමෙන් හා පැසවීමෙන් සයිනසයිටීස් නම් මෙම රෝගය සෑදේ.
මෙම තත්වය නිසි ආකාරව පාලනය නොකළහොත් මෙමගින් ඇති වන අපහසුතා හා අධික වේදනාවෙන් පීඩා විදීමට අමතරව සමහර විට ශල්‍යකර්මයක් මගින් සෙම ඉවත් කිරීමේ තත්වයට පවා මුහුණ දිය හැකිය.
ශ්වසන මාර්ගයේ ඉහල කොටසේ සිදු වන ආසාදනය නිසා නිපදවන සෙම හිස් කබලේ ඇති කුහර වල ක්‍රම ක්‍රමයෙන් එකතු වීම සිදු වේ
නාසයට සම්බන්ධ හිස් කබලේ කුහර යුගල් 03ක් ඇත.
එක් කුහරයක් ඇසට ඉහලින් නලල ප්‍රදේශයේ (frontal sinus).
ඇසට යටින් නාසය දෙපස උඩු දත් ඇන්දට ඉහලින්(maxillary sinus).
නාසය ඇතුලතින්(ethmoid sinus).
මෙම කුහර නාස් කුහරයට සම්බන්ධ වේ.
ශ්වසන මාර්ගයේ ඉහල කොටසේ නිපදවන සෙම හා සොටු මෙම කුහර වලට ක්‍රම ක්‍රමයෙන් එකතු වීමේ ප්‍රවණතාවක් ඇත.
කෙනෙකුගේ සෙම නිපදවීම වැඩි වන්නේ ඇයි?
සමහරෙක්ට උපතින්ම ඇති පීනස නිසා උදේ කාලයේ සොටු දියර ගැලීම සිදු වේ.මෙම සොටු දියර සූරා ඉවතට නොදමා උඩට ඇදීමෙන් සයිනස් කුහර වල එකතු විය හැක.
සමහරුන්ට දූවිලි හෝ දුම් ඇවිස්සුණහොත් කිවිසුම් යාම, සොටු දියර ගැලීමට පටන් ගනී.
සෙම්ප්‍රතිශ්‍යාව වැලදුන අවස්ථා වල මෙම සයිනසයිටීස් තත්ත්වය ඇති විය හැකිය.
නාසයේ ඇති මස් දලු , පීනස් ගෙඩි වැනි රෝග නිසා සුලු වශයෙන් හෝ සෑදෙන සෙම නාසයෙන් ඉවතට දැමීමට ඇති අපහසුතාව නිසා කුහර තුල තැන්පත් විය හැකිය.මෙසේ කාලයක් තිස්සේ එකතු වන සෙම බැක්ටීරියා වල ආසාදනයට හා පැසවීමට ලක් වී මෙම සයිනසයිටීස් තත්ත්වය ඇති විය හැකිය
රාත්‍රි කාලයේ නෑම හා තෙත කොන්ඩය පිටින් නිදා ගැනීම, නිතර නිතර සීතල වතුර පානයද මෙම රෝගය ඇති කිරීමට හේතු විය හැකිය
රෝග ලක්ෂණ
හිස, නලල , නාසය, ඇස් දෙක ආශ්‍රිතව ඇති වන දැඩි වේදනාව .
හිසේ බර ගතිය .හිස පහලට හෙලීමේදී අපහසුතාවයක් දැනී නැගිටින විට කැරකිල්ල හා විසි වන ගතියක් දැනීම.
අන් අය නොරුස්සන ස්වභාවය හා නිතර කේන්ති යාම.කියා ගැනීමට බැරි අපහසුතායක් දැනීම.
සවස් කාලයේ උණ ගතිය.
දවල් කාලයේ ඇස් ඇර ගෙන සිටීමට අපහසු වීම.
තද නිදි මතක් දැනීම.
ඉහත සදහන් කල හිස් කබලේ කුහර ඇති තැන් ඇගිල්ලෙන් තද කිරීමෙන් දැඩි වේදනාවක් ඇති වේ නම් මෙම රෝගය ප්‍රධාන වශයෙන් හදුනා ගත හැකිය.
කල හැකි ප්‍රතිකාර කිහිපයක්
කොත්තමල්ලි පානය
වතුර ලීටර් භාගයකට කොත්තමල්ලි ඇට මේස හැදි 08ක් හා ඉගුරු කුඩු මේස හැන්දක් දමා භාජනය වසා තබා හොදින් තැම්බූ පසු පෙරා පානය කරන්න.
ඉතා ඉහල ප්‍රතිජීවක ඖෂධ ගුණයකින් යුත් කොත්තමල්ලි සෙම ආශ්රිත රෝග තත්වයන්ට ඉතාමත් ගුණදායකය.හිස් කබලේ සයිනස් කුහර වල වර්ධනය වන බැක්ටීරියා ඉතා හොදින් පාලනයට කොත්තමල්ලි වලට පුලුවන.
හුමාලය ඇල්ලීම
හොදින් උතුරන තෙක් රත් කර ගත් ජලය සාමාන්‍ය ප්‍රමාණයක් භාජනයකට දමා එයටම පිට ලෙල්ල ඉවත් කර තලා ගත් සුදු ලූනු බික් 03, 04 ක් එකතු කරන්න.
ඉන් පසු හුමාලය ඉවත නොයන සේ තුවායකින් හිස ආවරණය කොට හුමාලය ඉතා හොදින් ආශ්වාස කරන්න.
හිස් කබලේ සයිනස් කුහර තුල සිර වී ඇති ශ්ලේශ්මල හොදින් දිය කර ඉවත් කිරීමට මෙම හුමාලය ඇල්ලීමේ ක්‍රමය ඉතා සාර්ථකය.
එමෙන්ම සුදු ලූනු වල ඇති බැක්ටීරයා නාශක හා විශබීජ නාශක ගුණයන් මගින් සයිනස් කුහර වල ආසාදනය වී ඇති බැක්ටීරියා විනාශ කරමින් වේදනාව අවම කරයි.
ඔයිල් පුලින්ග් සත්කාරය
සයිනසයිටීස් වලින් මිදීමට පහසුවෙන් කර ගත හැකි සත්කාරයකි.
මෙමගින් සයිනස් කුහර වල ආසාදිත බැක්ටීරියාවන් පහසුවෙන් පාලනය කර ගත හැකිය.
උදෑසන අවදි වූ විගස පිරිසිදු පොල් තෙල් (organic virgin coconut oil) මේස හැන්දක් පමණ ගෙන එය කට තුලට දමා ගන්න.
එය විදුරු මස් හා දත් ඇතුලු කටේ සෑම තැනකටම යන ලෙස එහා මෙහා සොලවන්න.
විනාඩි 15- 20 ක් අතර කාලයක් පොල් තෙල් කට තුල සෙමින් කලතා ඒවා ඉවත් කර පිරිසිදු ජලයෙන් කිහිප වරක් කට සෝදා හොදින් පිරිසිදු කර ගන්න.
මෙය කිසි විටකත් ගිලීම නොකල යුතුයි.
මෙමගින් කට තුල ඇති බැක්ටීරියා හා විශ ආසාදන ඉවත් වී වසා පද්ධතිය ආශ්රයෙන් සයිනස් කුහර තුල ආසාදිත බැක්ටීරයා සාර්ථකව ඉවත් කර ගත හැකිය.
දිනපතා උදෑසන මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් ටික කලකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
ලුනු වතුර ප්‍රතිකාරය
හිස් කබලේ සයිනස් කුහර තුල සිර වී ඇති සෙම හා බැක්ටීරයා ඉවත් කිරීමට නාස් කුහර තුලින් ලුණු මිශ්‍ර ජලය යැවීම කල හැකිය.
මේ සදහා උතුරුවා නිවා ගත් ඉතා පිරිසිදු ජලය කෝප්පයකට අයඩින් මිශ්‍ර නොවූ මේස ලුණු තේ හැන්දක් සහ බේකින් සෝඩා තේ හැන්දක් දමා හොදින් කලවම් කර ගන්න.
ඉන් පසු මෙම දියරය නාස් පුඩු අතරින් යැවීමට සිරින්ජයක් භාවිතා කල හැකිය.
සිරින්ජයට මෙම ලුණු මිශ්‍ර ජලය පුරවාගෙන හිස අන්ශක 45ක් පමණ ඇල කොට එක් නාස් පුඩුවකින් සිරින්ජය ඇතුල් කොට පසු පසින් තද කර අනෙක් නාස් පුඩුවෙන් දියරය බේරීමට හරින්න.
ඉන් පසු අනෙක් නාස් කුහරයටද ඒ ආකාරයෙන්ම කරන්න.
ඉන් පසු අනෙක් නාස් කුහරයටද ඒ ආකාරයෙන්ම කරන්න.
දින දෙකකට වරක් මේ ආකාරයට නාස් කුහර පිරිසිදු කර ගැනීම මගින් ඉතා කෙටි කාලයකින් මෙය පාලනය කර ගත හැකිය.
නිතර දියර වර්ග පානය කිරීම.
හිස් කබලේ සයිනස් කුහර තුල ඇති සෙම උණුසුම් කර දියාරු කිරීමට නිතර උණුවතුර පානය කිරීම මගින් විශාල රුකුලක් ලැබේ.
උදෑසන අවදි වූ පසුවත් , ස්නානයට පසුවත් , හැකි සෑම විටකදීමත් මද උණු ජලය පානය කිරීම ඉතාමත් හොදයි.
උණු ජලය පානයට අමතරව ලෙමන් හෝ දෙහි යුශ පානයද හොදයි.
රතු ලූනු, සුදු ලූනු, අන්නාසි, පැගිරි කුලයේ පලතුරු, නිවිති, වට්ටක්කා , බතල වැනි දේ ආහාරයට ගැනීම.
ඉගුරු, ගම්මිරිස්, කහ, කරබු නැටි වැනි කුලු බඩු ආහාරයට එක් කර ගැනීම.
නිදා ගැනීමේදී හිස ඉහලට තබා නිදා ගැනීම.
සෙම ඉහලට නොඇද නිසි ආකාරයෙන් බැහැර කිරීම.
රාත්‍රී කාලයේ හා සවස් කාලයේ ස්නානයෙන් වැලකීම .
උණුසුම් තෙත තුවායක් මගින් සයිනස් කුහර ආශ්රිත ප්‍රදේශ නිතර තැවීම.
දිනපතා ව්‍යායාම වල නිරත වීම.
කිරි ආහාර පරිභෝජනය අවම කිරීම
You will be redirected in:
60

Comments
Post a Comment