සල්ලි දෙගුණ කරගෙන නිවසේ දෝෂ නැති කර දියුණුව ගෙනෙන ලුණු කැට


 ජීවිතේ දියුණු වෙන්න, අතමිට සරු කරගන්න අපි හැමෝම නොකරන දෙයක් නැහැ. සමහරු මහන්සියෙන් වැඩ කරනවා, තවත් සමහරු වාසනාව පස්සේ යනවා.



හැබැයි මේ කියන්න යන්නේ පැරැන්නන් අතර ඉතාමත් රහසිගතව පැවැති, විශ්මිත ප්‍රතිඵල දෙන බව කියන "ලුණු කැට කෙම් ක්‍රමයක්" ගැනයි.

ඔබත් ලොතරැයි වාසනාව, ව්‍යාපාරික දියුණුව සහ ධනය අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම්, මේ සරල නමුත් ප්‍රබල ක්‍රමය අත්හදා බලන්න පුළුවන්.

මේ සඳහා ඔබට අවශ්‍ය දේවල්.
  • අලුත්ම ලුණු කැට පැකට්ටුවක්
  • පිරිසිදු විනිවිද පෙනෙන වීදුරු කෝප්පයක් සහ පීරිසියක්
  • වීදුරු කෝප්පයක් නැතිනම් අලුත් ජෑම් බෝතලයක් වුවත් කමක් නැත.

නිවැරදිව කෙම සිදු කරන්නේ මෙහෙමයි.

මෙය අනිවාර්යයෙන්ම බ්‍රහස්පතින්දා දිනක සිදු කළ යුතුය. වේලාව උදේ 8.15 ත් 10.15 ත් අතර විය යුතුයි. උදේම ස්නානය කර, කිසිවක් ආහාරයට නොගෙන (හිස්බඩ) මෙය කළ යුතුය. නිවසේ මුදල් උපයන ප්‍රධාන පුද්ගලයා මෙය සිදු කරන්නේ නම් ප්‍රතිඵල වඩාත් සාර්ථක වේ.

මුලින්ම ලුණු කැට ටික පීරිසියට දමා අත් දෙකෙන්ම අල්ලාගෙන, “ඕම් ශ්‍රීම් ධන ලක්ෂ්ම් නමෝ නමහා” යන මන්ත්‍රය 7 වතාවක් ඉතාමත් විශ්වාසයෙන් යුතුව කියන්න.

මැතිරූ ලුණු කැට ටික හැන්දක් භාවිතා නොකර ඔබේ අතින්ම වීදුරු කෝප්පයට දමන්න. මෙම ලුණු බෝතලය හෝ කෝප්පය ඔබ නිදාගන්නා ඇඳ යටින්, හරියටම ඔබේ හිස තිබෙන පැත්තට වන්නට තබන්න.

දින 14කට වරක් මෙහි ඇති ලුණු අලුත් කළ යුතුය. මාස 3ක් අඛණ්ඩව මෙය කිරීමෙන් විශ්මිත වෙනසක් අත්දැකිය හැකි බව පැවසේ. පරණ ලුණු කැට ඉවත් කිරීමේදී ගලා යන වතුරකට හෝ පොල් ගසක්, තැඹිලි ගසක් මුලට පමණක් දමන්න.

කාන්තාවන් ඔසප් කාල සීමාව තුළ මෙය නොකළ යුතුය. එමෙන්ම මත්පැන් හෝ දුම්වැටි භාවිතා කරන අය මේ සඳහා යොමු නොවීම වඩාත් සුදුසුයි.

"විශ්වාසය" කියන්නේ ඕනෑම දෙයක සාර්ථකත්වයේ රහසයි. ඔබත් දියුණු වනවා යන දැඩි විශ්වාසයෙන් යුතුව මේ කෙම් ක්‍රමය කර බලන්න. ප්‍රතිඵල ලැබුණොත් අපිටත් කියන්න අමතක කරන්න එපා.
Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න