කොලෙස්ටරෝල් පාලනය කරන්න මේ කැඳ වලින් පුළුවන් කියලා දැනන් හිටියද?


 බොහෝ දෙනෙකුට මේ වනවිට තියෙන සෞඛ්‍ය ගැටළුවක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ.නමුත් බොහෝ දෙනා මේ රෝග තත්ත්වය ගැන හරියටම කරුණු දන්නේ නැහැ.  කොලෙස්ටරෝල් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය මේද වර්ගයක් . අප පරිභෝජනය කරන ආහාර වලින් වගේම අපගේ ශරීරයෙනුත් කොලෙස්ටරෝල් නිපදවනවා. 

නමුත් මේ කොලෙස්ටරෝල් කියන මේද වර්ගය  ප්‍රමාණයට වඩා නිෂ්පාදනය වුනොත් ඒවා අපේ ශරීරයේ රුධිර නාල වල තැන්පත් වෙනවා. මේ විදිහට කොලෙස්ටරෝල් රුධිර නාලවල තැන්පත් වීමේදී රුධිර නාල සිහින් වනවා. ඉන් පසුව ශරීරයේ අවයව වලට රුධිරය සපයන එක ක්‍රමයෙන් අඩාල වෙන්නට පටන් ගන්නවා. ඒ ආකාරයට සිහින් වී තිබෙන රුධිර නාලයක ලේ කැටියක් තැන්පත් වුවහොත් ඒ අවයවයට රුධිරය සැපයීම සම්පූර්ණයෙන්ම නතර වීමේ හැකියාවත් තියෙනවා.

මේ ආකාරයට හෘදයට රුධිරය සපයන රුධිර නාලයක ලේ කැටියක් සිරවීමක් සිද්ධ වුනොත් තමයි හෘදයාබාධයක් ඇතිවීම සිදුවන්නේ.ඒ වගේම මේ ආකාරයට මොළයට රුධිරය සැපයීම නතර වුවහොත් අංශභාගය වැනි තත්ත්වයන් පවා ඇති වන්නට පුළුවන්.

ඉතින් අද අපි මේ ලිපියෙන් ඔබට කියන්නට සූදානම් වෙන්නේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්නට පුළුවන් කැඳ වර්ගයක් නිවසේදීම පහසුවෙන් සකස් කරගන්නා  ආකාරය පිළිබඳවයි.

කරපිංචා කැඳ 

කරපිංචා ආහාරයට එකතු කර ගැනීම අපි එදිනෙදා සාමාන්‍යයෙන් සිදු කරන දෙයක්. කරපිංචා වල ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර ශරීරයේ බොහොමයක් රෝග වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව කරපිංචා වලට තියෙනවා.

කරපිංචා කොළ විටමින් A, B, C සහ E වැනි අත්‍යවශ්‍ය විටමින් වලින් පොහොසත් වන අතර කැල්සියම් , යකඩ සහ තන්තුද කරපිංචා වල අඩංගු වනවා. ඒවා සමස්ත සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට , ප්‍රතිශක්තිකරන පද්ධතිය වැඩි දියුණු කිරීමට, නීරෝගී සමක් ලබා ගැනීමට සහ අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වනවා.

බඩ පිපීම ,මළ බද්ධය සහ අජීරණය වැනි පොදු ආහාර ජීර්ණ ගැටලු සමනය කිරීමටත් කරපිංචා කොළ භාවිතා කරන්නට පුළුවන්.

දිනපතා කරපිංචා ආහාරයට ගැනීම හෘද සෞඛ්‍යයට ප්‍රයෝජනවත් වන අතර ඒවා නරක කොලෙස්ටරෝල් (LDL) මට්ටම අඩු කිරීමට සහ හොඳ කොලෙස්ටරෝල් (HDL) ප්‍රවර්ධනය කරමින් හෘද රෝග අවදානම අඩු කරයි. කරපිංචා වල ඇති ප්‍රතිඔක්සිකාරක රුධිර වාහිනී වලට හානි කළ හැකි ඔක්සිකාරක ආතතිය වැළැක්වීමට ද උපකාරී වනවා.

කොලෙස්ටරෝල් පාලනය කර ගන්න කරපිංචා කැඳ හදන්නේ කොහොමද ?

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

පිරිසිදු කරගත් කරපිංචා කොළ මිටියක්

සුදුළූණු බික් කිහිපයක් 

පොල් කිරි කෝප්පයක්

රස අනුව ලුණු

සීනි හෝ හකුරු

සකස් කර ගන්නේ මෙහෙමයි 

මුලින්ම පිරිසිදු කර ගත් කරපිංචා , සුදුළූණු සහ පොල් කිරි හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න 

ඉන්පසුව එම මිශ්‍රණය හොඳින් පෙරා ගන්න 

දැන් භාජනයක් ලිප තබා පෙරා ගත් මිශ්‍රණය මද ගින්නේ හැඳි ගාමින් මද වේලාවක් තබන්න 

උතුරාගෙන එන විට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කර ගන්න.

අවසානයට රස අනුව සීනි හෝ හකුරු ස්වල්පයක් එකතු කර ලිපෙන් ඉවත් කර ගන්න

කරපිංචා කැඳ සතියකට වරක් හෝ දෙවරක් පානය කිරීම මගින් කොලෙස්ටරෝල් බොහෝ දුරට මගහරවා ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඊට අමතරව ව්‍යායාම කිරීම, ක්ෂණික ආහාර සහ තෙල් අධික ආහාර ගැනීමෙන් වැළකීමත් ඔබ සිදු කළ යුතුයි.

Redirecting...

You will be redirected in:

60
5

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න