ඇඳුම් වල තැවරුණු ඕනෑම පැල්ලමක් විනාඩි පහෙන් ඉවත්කරන විදිහ.ගෙදර තියෙන දේවල් කිහිපයක් විතරයි යන්නේ
ඔබේ ආදරණීයම ඇඳුමේ පැල්ලමක් ගෑවුණාම ඒක අයින් කරන්න බැරුව ලතැවෙන කාලය දැන් ඉවරයි! කුස්සියේ තියෙන සරල දේවල් වලින් ඇඳුම ආයෙත් අලුත් වගේ කරගන්න මේ රහස් ටික අනිවාර්යයෙන්ම දැනගන්න.
තේ සහ කෝපී පැල්ලමක්
ඇදුමේ ඇති පැල්ලම මතට වහාම සීතල වතුර වක් කරන්න. පසුව සීනී ස්වල්පයක් හෝ සෝඩා වතුර ස්වල්පයක් දමා විනාඩි දෙකක් තබන්න. අනතුරුව සබන් දා සෝදා හරින්න. තේ පැල්ලම් සදහා කිසිවිටෙකත් උණුවතුර භාවිතා කරන්න එපා. ඒ මගින් පැල්ලම ස්ථීර විය හැකියි.
තීන්ත පැල්ලමක් ඉවත් කිරීම
පෑන් තීන්ත පැල්ලමක් ඉවත් කිරීම ඉතා අපහසු යැයි බොහෝදෙනා සිතුවත් ඒ සදහා කදිම විසදුමක් ඔබේ වැසිකිලි මේසය මත තිබිය හැකියි. තීන්ත තැවරුනු ස්ථානයට හෑන්ඩ් සෙන්ට්ටයිසර් හෝ හෙයාර් ස්ප්‍රේ ඉසින්න. විනාඩියක් පමණ තිබෙන්නට හැර පිරිසිදු රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කරන්න. තීන්ත දියවී රෙදි කෑල්ලට උරා ගන්නා ආකාරය දැකගන්නට පුළුවන්.
තෙල් සහ මේද පැල්ලම්
ආහාර ගන්නා විට වැටෙන තෙල් බිංදු ඇදුමක කැපී පෙනෙන අදුරු පැල්ලමක් ඉතිරි කරනවා. තෙල් තැවරුනු වහාම ඒ මතට බේබී පව්ඩර් හෝ ක්ලෝන් ප්ලවර් ස්වල්පයක් ඉසින්න. විනාඩි තුනක් හතරක් පමණ තැබූවිට එම කුඩු මගින් තෙල් උරාගනු ලබනවා. ඉන්පසු බුරුසුවකින් පිසදමා භාජන සෝදන දියර බිංදුවක් දමා අතුල්ලන්න
ලේ පැල්ලම් ඉවත් කිරීම
තුවාලවලයකින් හෝ වෙනත් හේතුවකින් ලේ තැවරුනොත් එය වහාම ඉවත් කිරීම අවශ්‍යයයි. ලේ පැල්ලම් සදහා හොදම විසදුම හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් හෝ සීතල ලුණු වතුරයි. පැල්ලම මත ලුණු වතුර තවරා, විනාඩි කීපයකින් අතුල්ලලා සෝදා හරින්න
කහ සහ ව්‍යංජන පැල්ලම්
දෙහි යුෂ සහ බේකින් සෝඩා මිශ්‍ර කර පැල්ලම මත තවරා විනාඩි පහක් අවුවේ තබා සෝදා හරින්න. හිරු එළිය ස්වාභාවික බ්ලීජින් කාරකයක් ලෙස ක්‍රියා කරමින් කහ පැල්ලම ඉවත් කරනවා.

Comments
Post a Comment