ඔබේ නිදන ඇද මේ විදියට වෙනස් කරලා බලන්න | සල්ලි ගලාගෙන එන්න පටන් ගන්නවා
කුමන සුදුසු දිශාවක කාමරය පිහිටියත් නිදන ඇඳේ හිස තබන පැත්ත උතුරට තියන්න එපා. චුම්භක ශක්තීන් අධික දිශාවක් බැවින් මානසික ඒකාග්‍රතාවට බාධාවක් හා පීඩාවක් විය හැකියි යන සම්මතයටයි .
නිදන ඇඳට ඉහළින් බාල්ක යට ලී, කොන්ක්‍රීට් බීම් ආදිය නොතිබීම වඩාත් සුදුසුයි. මේවා අධික බරක් උසුලන සහ ඒවා පහළට සම්ප්‍රේෂණය කිරීමට මැදිහත් වූ කොටස්. මෙවන් අංග යට වැඩි වෙලාවක් සිටීම මනසට පීඩාකාරී විය හැකියි. බොහෝ දෙනා තමාගේ නිදන ඇඳ මේ ස්ථානවල හරියටම මධ්‍යයට වන්නට තියන්නේ මදුරු දැල් ගැටගැසීමට පහසු නිසා. නමුත් එය නුසුදුසු ක්‍රියාවක්.
සාමාන්‍යයෙන් යකඩ ඇඳකට වඩා ලීයෙන් නිමාකළ ඇඳක් ඔබේ නිදන ඇඳ ලෙස තෝරා ගතයුතු අතර විවාහක යුවළක් සඳහා තරමක් විශාල තනි ඇඳක් තෝරාගන්න. මන්ද තනි ඇඳවල් දෙකක් එකතුකර ඇඳ සැකසීම හෝ ලොකු තනි ඇඳකට මෙට්ට දෙකක් එකතු කිරීම අසුබය. එමඟින් යුග දිවි ගැටලු ඇතිවිය හැකි අතර කාලයක් ගතවන විට දෙදෙනා වෙන්ව ජීවත්වීමට යොමුවිය හැකියි.
ඔබට හැකිනම් බෙහෙත් කොහොඹ ලී වලින් ඇඳක් සාදා ගැනීමට නිවැසියන්ට ලෙඩ දුක් කරදර වලට භාජනය නොවී සිටීමට සුවිශේෂී හැකියාවක් කොහොම ශාකය සතුව ඇත.
නිදන කාමරය කලබලකාරී නොවීම සඳහා අවම ගෘහභාණ්ඩ ප්‍රමාණයක් තැබිය යුතු අතර විදුලි උපකරණ තබා ගැනීම ද අවම කරන්න. විශේෂයෙන්ම රූපවාහිනිය වැනි දෑ මේ කාමරය තුළින් ඉවත් කළයුතු අතර කුඩා ඔරලෝසුවක් පමණක් තැබීම ප්රමාණවත්ය. ඊට අමතරව ප්රබෝධය දනවන සිතුවමක් හෝ ඡායාරූපයක් බිත්තියේ එල්ලන්න. බුද්ධ ප්‍රතිමා ජලය සහිත චිත්‍ර, මාළු ටැංකි ආදිය නොතැබීමට වගබලා ගන්න.
ඇඳ ඇතිරිලි, කොට්ට උර සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කපු, ලිනන්, සේද ආදියෙන් නිමකළ රෙදියි. අතින් අල්ලනවිට සුවයක් දැනෙන, සෞම්‍ය පැහැති රෙදි මේ සඳහා තෝරා ගතයුතු අතර එමඟින් සුව නින්දක් ඔබට ලබාගත හැකියි.
ඔබේ ඇඳ රෙදි සඳහා වර්ණ සහ මෝස්තර තෝරා ගැනීමේ දී නිදන ඇඳ පිහිටා තිබෙන කාමරයේ දිශාවට සරිලන සේ ඒවා යොදා ගන්න.
ජනේලයක් යටට වන්නට ඇඳ තැබීම ද සුදුසු නොවන්නේ එමඟින් ඔබ දෙදෙනා අතර පවතින සහයෝගය අඩුවන බැවිනි.
කැඩපත තැබීම : මෙහිදී නිදන ඇද කැඩපතට දර්ශනය වන ලෙස තැබීම නොකළ යුතු අතර ඇඳේ නිදාගෙන සිටින විට කැඩපතින් ප්‍රතිබිම්බය පෙනීම අයහපත් වේ. මෙහිදී තිරරෙදි යොදා කැඩපත වැසීම කළ හැකිය.
ප්‍රධාන නිදන කාමරය සඳහා වායුසමීකරණය යන්ත්‍රයක් සවි කරන්නේ නම් එය කිසිම විටෙක නිදන කාමරයේ ඊශාන,නිරත යන දිශාවන්ට සවි නොකිරීමට වගබලා ගත යුතුවේ. වයඹ සහ ගිණිකොණ දිශාවන් ට ඉතා යහපත් වේ
නිදන ඇඳ බිත්තියට හේත්තු කර නො තබනවා නම් හොඳයි. ප්‍රායෝගිකව වුණත් මදුරු දැල මෙට්ටයට යට කිරීමේ දී මෙය පහසුවක්. බිත්ති දිගේ ඉහළට විත් ඇඳ මතට සතුන් පැමිණීමත්, බිත්ති මුලුවල මකුළු දැල් බැඳීමත් මෙමඟින් යම් දුරකට පාලනය කර ගත හැකියි. අතුගෑමටත්, ඇඳ යටට වැටුණු යමක් ගැනීමටත් පහසුවක්. දිග හා පළල සමාන නොවන ලෙස පිළියෙල කරගත් ඇඳක් භාවිත කිරීම සුදුසුයි.
කුමන සුදුසු දිශාවක කාමරය පිහිටියත් නිදන ඇඳේ හිස තබන පැත්ත උතුරට තියන්න එපා. චුම්භක ශක්තීන් අධික දිශාවක් බැවින් මානසික ඒකාග්‍රතාවට බාධාවක් හා පීඩාවක් විය හැකියි යන සම්මතයටයි .
නිදන ඇඳට ඉහළින් බාල්ක යට ලී, කොන්ක්‍රීට් බීම් ආදිය නොතිබීම වඩාත් සුදුසුයි. මේවා අධික බරක් උසුලන සහ ඒවා පහළට සම්ප්‍රේෂණය කිරීමට මැදිහත් වූ කොටස්. මෙවන් අංග යට වැඩි වෙලාවක් සිටීම මනසට පීඩාකාරී විය හැකියි. බොහෝ දෙනා තමාගේ නිදන ඇඳ මේ ස්ථානවල හරියටම මධ්‍යයට වන්නට තියන්නේ මදුරු දැල් ගැටගැසීමට පහසු නිසා. නමුත් එය නුසුදුසු ක්‍රියාවක්.
ඔබේ නිදන ඇඳට ඉහළින් තරප්පුවක් හෝ ඉහළ මහලේ මුළුතැන්ගෙය හෝ වැසිකිළියක් ඇත්නම් එය සුදුසු නැහැ. වැසිකිළියක් හිසට ඉහළින් සෑදීම යනු නො ගැළපෙන දෙයක් හිස ඉහළට ගැනීමකි. තරප්පුවක් යනු නිතරම පෑගීමෙන් පරිහරණයට ලක්වන, ස්ලැබ් එකකට සාපේක්ෂව වැඩි වශයෙන් පහළට තරංග මුදාහරින තැනක්. (ස්ලැබ් එකක ඇවිදීමට වඩා වැඩි ආයාසයක්, කම්පනයක් පඩිපෙළක් නැගීමේදී සිදුවේ.) මෙවන් වැරැදි මඟින් තමාට තිබිය යුතු උසස් තත්ත්වයන් වැළක්වීම වාගේම බාධක, කරදර හිස එසවීම දක්නට ලැබෙන දෙයක්.
සාමාන්‍යයෙන් යකඩ ඇඳකට වඩා ලීයෙන් නිමාකළ ඇඳක් ඔබේ නිදන ඇඳ ලෙස තෝරා ගතයුතු අතර විවාහක යුවළක් සඳහා තරමක් විශාල තනි ඇඳක් තෝරාගන්න. මන්ද තනි ඇඳවල් දෙකක් එකතුකර ඇඳ සැකසීම හෝ ලොකු තනි ඇඳකට මෙට්ට දෙකක් එකතු කිරීම අසුබය. එමඟින් යුග දිවි ගැටලු ඇතිවිය හැකි අතර කාලයක් ගතවන විට දෙදෙනා වෙන්ව ජීවත්වීමට යොමුවිය හැකියි.
ඔබට හැකිනම් බෙහෙත් කොහොඹ ලී වලින් ඇඳක් සාදා ගැනීමට නිවැසියන්ට ලෙඩ දුක් කරදර වලට භාජනය නොවී සිටීමට සුවිශේෂී හැකියාවක් කොහොම ශාකය සතුව ඇත.
නිදන කාමරය කලබලකාරී නොවීම සඳහා අවම ගෘහභාණ්ඩ ප්‍රමාණයක් තැබිය යුතු අතර විදුලි උපකරණ තබා ගැනීම ද අවම කරන්න. විශේෂයෙන්ම රූපවාහිනිය වැනි දෑ මේ කාමරය තුළින් ඉවත් කළයුතු අතර කුඩා ඔරලෝසුවක් පමණක් තැබීම ප්රමාණවත්ය. ඊට අමතරව ප්රබෝධය දනවන සිතුවමක් හෝ ඡායාරූපයක් බිත්තියේ එල්ලන්න. බුද්ධ ප්‍රතිමා ජලය සහිත චිත්‍ර, මාළු ටැංකි ආදිය නොතැබීමට වගබලා ගන්න.
ඇඳ ඇතිරිලි, කොට්ට උර සඳහා වඩාත් යෝග්‍ය වන්නේ කපු, ලිනන්, සේද ආදියෙන් නිමකළ රෙදියි. අතින් අල්ලනවිට සුවයක් දැනෙන, සෞම්‍ය පැහැති රෙදි මේ සඳහා තෝරා ගතයුතු අතර එමඟින් සුව නින්දක් ඔබට ලබාගත හැකියි.
ඔබේ ඇඳ රෙදි සඳහා වර්ණ සහ මෝස්තර තෝරා ගැනීමේ දී නිදන ඇඳ පිහිටා තිබෙන කාමරයේ දිශාවට සරිලන සේ ඒවා යොදා ගන්න.
ජනේලයක් යටට වන්නට ඇඳ තැබීම ද සුදුසු නොවන්නේ එමඟින් ඔබ දෙදෙනා අතර පවතින සහයෝගය අඩුවන බැවිනි.
කැඩපත තැබීම : මෙහිදී නිදන ඇද කැඩපතට දර්ශනය වන ලෙස තැබීම නොකළ යුතු අතර ඇඳේ නිදාගෙන සිටින විට කැඩපතින් ප්‍රතිබිම්බය පෙනීම අයහපත් වේ. මෙහිදී තිරරෙදි යොදා කැඩපත වැසීම කළ හැකිය.
ප්‍රධාන නිදන කාමරය සඳහා වායුසමීකරණය යන්ත්‍රයක් සවි කරන්නේ නම් එය කිසිම විටෙක නිදන කාමරයේ ඊශාන,නිරත යන දිශාවන්ට සවි නොකිරීමට වගබලා ගත යුතුවේ. වයඹ සහ ගිණිකොණ දිශාවන් ට ඉතා යහපත් වේ
You will be redirected in:
60
5

Comments
Post a Comment