ඔබේ හිසකෙස් දෙගුණයක් වේගෙන් වවන කරාබුනැටි හෙයා ටොනික් එක


 හිසකෙස් වේගයෙන් වවන ඖෂධීය හෙයා ටොනික් එකක් ගැනයි අද මේ කියන්න යන්නේ...ඔන්න තෙල් ගාන්න අකමැති අයටත් ලේසියෙන්ම හදලා පාවිච්චි කරන්න පුලුවන්...ස්ප්‍රේ කලා පැයක් තිබ්බා..සේදුවා..

ටක් ටික් ටුක් ගාලා කරන්න පුලුවන් නිසා අපේ රැකියාවල නිරත වෙන කෙල්ලන්ට උනත් නිවාඩු දවස් වලට ලේසියෙන්ම කරන්න පුලුවන් අපේ ගෙවත්තෙන්ම හොයා ගන්න පුලුවන් කොළ වර්ග වලින් මේක හදන නිසා හරිම ලේසියි පහසුයි. එහෙනම් වැඩි කතා නැතුව බලමු මේක හදන්නේ කොහොමද කියලා...

Cool Hair Tonic

අවශ්‍ය ද්‍රව්‍ය:-

කොහොඹ කොළ ඉති 4

කරපිංචා කොළ ඉති 4.

පේර කොළ 10.

උළුහාල් මේස හැන්දක්.(හිස්සොරි තියෙන අපේ කෙල්ලන්ට අනිත් අයත් දාගත්තට ගැටලුවක් නෑ

කරාබුනැටි මේස හැන්ඳක්

ස්ප්‍රේ බෝටල් එකක්

සාදාගන්නා ආකාරය:-

කොළ වර්ග ටික හොඳින් සෝදගන්න දූවිලි පොඩි සත්තු ඉන්න පුලුවන්..ඒ නිසා බලලා හොදට සෝදලා ගන්න. දැන් භාජනයක් අරගන්න ඒකට සෝදගත්ත කොළ ටික උළුහාල් කරාබුනැටි ටිකත් දාගෙන ඒ ටික තැම්බෙන්න අවශ්‍ය ගානට වතුර දාගන්න..දැන් ලිපේ තියලා ගින්දර අඩුම මට්ටමක තියාගන්න.කොයි වෙලාවකවත් ගින්දර වැඩි කරගන්න එපා..හෙමින් තැම්බෙන්න දෙන්න..තැම්බීගන එනකොට ඔයාට හොද සුවඳක් එයි..

කොළ වල පාට හොදටම වෙනස් උනාම ලිප නිවලා ඒක නිමෙන්න දෙන්න.හොදටම නිමුනට පස්සේ ඒක ස්ප්‍රේ බෝටල් එකකට දාලා පාවිච්චි කරන්න..මේ හදාගත්ත ටොනික් එක ෆ්‍රිජ් එකේ දාලා සතියක් තියාගන්න පුලුවන්...නාන්න පැයකට කලින් මේක කොණ්ඩෙට හොදට ස්ප්‍රේ කරන්න විශේෂයෙන් හිස් කබලට වදින්න ස්ප්‍රේ කරන්න..එහෙම කරලා පැයක් තියලා සෝදලා යවන්න..ශැම්පු කරන්න ඕනී නෑ...මේ කූල් හෙයා ටොනික් එකෙන් ඔයාගේ ඔලුවට ලොකු සුවදායී සනීපයක් ලැබෙනවා වගේම දිගු කොණ්ඩෙක හීනෙත් සැබෑකරගන්න අපේ පුලුවන්.

උපුටාගැනීම මුහුණු පොත ඇසුරෙන්
Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න