ශරීරය තුළ සැඟවී ඇති රෝග රැසක සංඥාවක්‌ හිරිවැටීම


 හිරිවැටීම ගැන ඔයා සැලකිලිමත්ද?

ඉන්න බැහැ අත හිරිවැටෙනවා, ඇවිදින්න බැහැ යටි පතුල් දෙකම හිරිවැටිලා, යටිපතුල් හරියට පුළුන් වගේ දැනෙන්නේ නැහැ, ඇඟේ කූඹි දුවනවා වගේ, ඉඳිකටු විදිනවා වගේ, පිච්චෙනවා වගේ යනුවෙන් බොහෝ රෝගීන් පවසන්නේ අත් හා පාද වල හිරිවැටීමයි.මෙය ශරීරය තුළ සැඟවී ඇති රෝග රැසක සංඥාවක්‌ වියහැකියි.

ශරීරයේ කුමන හෝ ස්‌ථානයක මෙය ඇතිවෙන්න පුළුවන්… ඇඟිලිවල හෝ අතක හිරිවැටීමකට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ ඉහළ කොටසේ අස්‌ථි 7කින් යුක්‌ත වූ ගෙල ප්‍රදේශයයි… ඒ වගේම අතේ ඇඟිලිවලට ඉහළින් පිහිටි මැණික්‌ කටු සන්ධියයි..
පාදවල හිරියට ප්‍රධාන ලෙස බලපාන්නේ අපේ කශේරුකාවේ පහළ කොටසේ කශේරුකා 5 හා ඊට පහළ කොටසයි.. පිට ප්‍රදේශයේ කශේරුකාවේ වෙනස්‌වීමක්‌ වුවද හිරිය සඳහා බලපාන අවස්‌ථාවන් නැතිවාම නොවේ.

හිරිවැටීම ඇතිවිය හැකි හේතු -:

01.නොසිතු මොහොතක සිදුවන අනතුරක්‌ , කැපීමක්‌ , තැලීමක්‌ , ගැස්‌සීමක්‌.

02. මාංශ පේශි වල ප්‍රේරක ලක්ෂ නිර්මාණය වීම.


03.වයසට යාමත් සමඟම ඇතිවන කොදු ඇටපෙලහි කශේරුකා හා අස්ථි වල සිදුවන වෙනස්‌කම්.
04.ආතරයිටිස්‌ වලදී අත්පාද ඇදවීම නිසාත්, කශේරුකාවේ කශේරුකා අතර පිහිටි අන්තර්කශේරුකා මඩල හෙවත් කාටිලේජ ගෙවීයාමක්‌ , පැතලි වීමක්‌ , තෙරපීමක්‌.

05. කශේරුකා එකිනෙකට ලිස්‌සා යාමක්‌ අධිවර්ධනයක්‌ , කාටිලේජ ඉදිරියට නෙරා ඒම.

* ඉහත දැක්‌වූ කරුණුවලට අමතරව හිරිය සඳහා බොහෝ සාධක පවතිනවා.

විටමින් ඌණතාවය (විටමින් B 1-6)

(සත්ව ආහාර නොගන්නා අයට විටමින් B 12 ඌනතාවය නිසා හිරිය ඇතිවිය හැකියි.)

දියවැඩියාව

මෙවැනි තත්ත්වයන්ට හේතුවන්නේ ස්නායුව පටන් ගන්නා කොන්ද ප්‍රදේශයෙන් පහළට යන ස්නායුවල ඇතිවන දුර්වලතායි. විශේෂයෙන් දියවැඩියා රෝගියෙකු නම්, වැඩි සීනි සහිත රුධිරයෙන් පාදවල ඇති ස්නායු පෙඟී පෙඟී තිබෙන විට එම ස්නායුවල අගිස්ස පහසුවෙන් දුර්වල වෙනවා. මේ නිසා පළමුව රෝගීවන්නේ පාදයේ පහළම කොටසයි. කකුල් දෙකේ සමමිතිකව මේ තත්ත්වය දක්නට ලැබෙනවා.
මේ හිරිවැටීම අත්වලත් ඒ ආකාරයටම ඊට සමාන්තරව ඇතිවෙනවා. මෙයට හේතුව දියවැඩියාව පාලනය නොකිරීමයි. මේ හිරිවැටීම වළක්වා ගන්න නම් දියවැඩියාව පාලනය කළ යුතුයි. නමුත් මේ හේතුව නිසා ස්නායු දැඩිව හානියට පත්ව ඇත්නම් එය සම්පුර්ණ සුවයකට බාධා ගෙන දෙනවා.

මත්පැන් පානය

නහර ගැටගැසීම

තයිරොක්‌සින් හොර්මොනයේ අසමතුලිතතාවය

සමහර ගන්නා වූ ඖෂධ වල අතුරු ආබාධ නිසාත් හිරිවැටීම ඇතිවිය හැකියි.

ඉතින් හිරිවැටීම යනු අපට ගණන් නොගෙන සිටියහැකි තත්ත්වයක් නොවේ. මෙය ඔබගේ ජීවිතය පවා නැති කළ හැකි භයානක රෝගයක පෙරනිමිත්තක් විය හැකියි.

උපුටාගැනීම අන්තර්ජාලයෙන් 

මුල් අයිතිකරුට ස්තූතිය

Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න