මේ දේවල් හරියට කරොත් ගෙදර සල්ලි උතුරාවී
නිවසේ ශක්තිය (Chi Energy) නිවැරදිව කළමනාකරණය කරමින් ධනය සහ සෞභාග්‍යය ළඟා කරගන්නා ආකාරය අපි බලමු.
මුලින්ම ඔබේ අවධානය යොමු කළ යුත්තේ නිවසේ ප්‍රධාන දොරටුව වෙතයි. ෆෙන්ෂුයි වලට අනුව සෞභාග්‍යය නිවසට ඇතුළු වන්නේ ප්‍රධාන දොරටුවෙනි. ඒ නිසා දොරටුව ඉදිරිපිට පරිසරය ඉතාම පිරිසිදුව සහ අලංකාරව තබා ගත යුතුයි. දොරටුවට යන මාර්ගය අවහිර වන ලෙස වැවී ඇති ගස් හෝ පඳුරු තිබේ නම් ඒවා කප්පාදු කර ඉවත් කරන්න. දොර විවෘත කිරීමේදී එය කිසිදු බාධාවකින් තොරව සම්පූර්ණයෙන්ම විවෘත විය යුතුයි. දොර පිටුපස යම් යම් දේවල් ගොඩගසා තිබේ නම් දොර හරියට ඇරෙන්නේ නැහැ. එවිට ඔබට නොදැනීම ඔබේ සිතේ යම් අතෘප්තිකර බවක් හෝ කේන්තියක් ඇති විය හැකියි. ධනය ආකර්ෂණය කරගැනීමට නම් දොරටුව ආලෝකමත්ව, මල් හෝ විසිතුරු පැල වලින් සරසා තබා ගැනීම ඉතා වැදගත්. රතු, දම්, කොළ හෝ නිල් වැනි වර්ණයක් ප්‍රධාන දොරට ආලේප කිරීමෙන් ධන ශක්තිය තවදුරටත් වැඩි කරගන්න පුළුවන්.
දෙවනුව, නිවසට ඇතුළු වන ස්ථානය (Entrance) නිතරම පිළිවෙලට තබා ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ නිවසට ගොඩ වුනු ගමන්ම දකින්නේ ගොඩගසා ඇති සපත්තු කුට්ටම්, බෑග් සහ වෙනත් අනවශ්‍ය දේවල් නම්, ඉබේම ඔබේ මනසට ආතතියක් දැනෙනවා. මෙතනදී ශක්තිය හිරවීමක් සිදුවෙනවා. ඒ නිසා සපත්තු සහ අනෙකුත් දේවල් දමා තැබීමට කබඩ් එකක් හෝ රාක්කයක් භාවිතා කරන්න. නිවසට ඇතුළු වන තැන පිරිසිදුව, ආලෝකමත්ව සහ සුවඳවත්ව තිබීම ඔබේ දියුණුවේ අඩිතාලමයි.
තුන්වන කරුණ වන්නේ නිවසේ ගිනිකොන (South-East) දිශාවයි. ෆෙන්ෂුයි වලට අනුව ගිනිකොන දිශාව අයත් වන්නේ ධනයට සහ සෞභාග්යයටයි. මෙම දිශාවේ මූලික ධතුව වන්නේ "දැව" (Wood) යි. ජලය මගින් දැව පෝෂණය කරන නිසා, මෙම දිශාවේ ජලය සම්බන්ධ දේවල් තැබීම ඉතා සුබයි. එසේම රවුම් හැඩැති කොළ සහිත පැල වර්ග (Jade Plant, Money Plant වැනි) මෙම දිශාවේ තැබීමෙන් මුදල් ආකර්ෂණය වැඩි වෙනවා. පහතට එල්ලෙන වැල් වර්ග වලට වඩා ඉහළට වැඩෙන ශාක (Ficus, Rubber plants) මේ සඳහා වඩාත් සුදුසුයි. ඔබේ නිවසේ ගිනිකොන දිශාවේ විසිත්ත කාමරයක් හෝ කෑම කාමරයක් පිහිටා තිබේ නම්, එහි දම් පාට (Purple), රත්රන් පාට (Gold) හෝ කොළ පාට (Green) ආශ්රිත සැරසිලි, කුෂන් කවර වැනි දේ භාවිතා කිරීමෙන් ධන ශක්තිය වර්ධනය කරගත හැකියි.
හතරවනුව, ජලය ස්ථානගත කිරීම ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. ගලා යන ජලය (Moving Water) කියන්නේ සෞභාග්‍යයේ ප්‍රබල සංකේතයක්. ෆෙන්ෂුයි කාල සීමාවන් අනුව 2024 සිට 2043 දක්වා කාලය තුළ (Period 9), ජල උල්පතක්, මාළු ටැංකියක් හෝ පොකුණක් නිර්මාණය කිරීමට වඩාත්ම සුදුසු දිශාව වන්නේ උතුර (North) සහ ගිනිකොන (South-East) දිශාවයි. මේ දිශාවන් වල පිරිසිදු, ගලා යන ජලය තැබීමෙන් නිවසට ධනය ගලා ඒම වේගවත් වෙනවා.
පස්වනුව, ඔබට පුළුවන් නිවසේ "සෞභාග්‍යයේ පූජාසනයක්" (Prosperity Altar) නිර්මාණය කරගන්න. මේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ නිවසේ වයඹ (North-West) දිශාවයි. වයඹ දිශාව නියෝජනය කරන්නේ බාහිරින් ලැබෙන උදව් සහ උපකාරයි. මෙතැන කුඩා මේසයක් තබා ඒ මත ඔබේ ආගමික ශාස්තෘන් වහන්සේගේ පිළිමයක් (උදාහරණයක් ලෙස විහිදෙන බඩක් සහිත බුද්ධ ප්‍රතිමාවක් - Laughing Buddha), මැණික් ගල් (විශේෂයෙන් Amethyst), රත්රන් පාට කාසි, ඉටිපන්දම් සහ මල් වැනි දේ තබා අලංකාර කරන්න. මෙය සැකසීම මගින් ඔබ විශ්වයට පණිවිඩයක් ලබා දෙනවා ඔබ ධනය සහ උදව් ලබා ගැනීමට සූදානම් බවට.
අවසාන වශයෙන්, 2024 වසර සහ ඉන් ඉදිරියට බලපාන විශේෂ රහස් දෙකක් තිබෙනවා. 2024 දී ඇරඹුණු නව ෆෙන්ෂුයි යුගයට (Period 9) අනුව, නිවසේ නිරිත (South-West) දිශාවේ පැරණි චීන කාසි 9 ක් එල්ලා තැබීම හෝ රතු පැහැති මල් තැබීම මගින් මුදල් වාසනාව කැන්දා ගත හැකියි. එසේම, තරඟකාරී ලෝකයේ ජයග්‍රහණය කිරීමට සහ ව්‍යාපාර දියුණුවට නැගෙනහිර (East) දිශාවේ වතුර වීදුරුවක් හෝ පළිඟු (Crystal) තැබීම ඉතා සුබදායකයි. මේ කුඩා වෙනස්කම් ඔබේ නිවස තුළ සිදු කිරීමෙන් විශාල මානසික සැහැල්ලුවක් සහ මූල්‍යමය දියුණුවක් ළඟා කරගත හැකි බව ෆෙන්ෂුයි ශාස්ත්රයේ සඳහන් වෙනවා.
මුහුණු පොත ඇසුරෙන්

Comments
Post a Comment