අක්මාව වේගයෙන් පිරිසුදු කරන හොදම ආහාර


  නීරෝගීකම ලොව උතුම්ම සැපත කියලා කියන්නේ නිකමට නොවේ... අසනීපයක් හැදුනවිට ඒ කියමන මොනතරම් සත්‍යද කියලා තේරුම් ගන්න පුළුවන්... 

අක්මාව ගැනයි අද කතා කරන්න හදන්නේ...

අක්මාව නීරෝගීව පවත්වාගෙන යන්න මේ විදිහට ආහාර ගන්න... යහපත් චර්‍යාවන් ඔබේ ජිවිතයට එකතු කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා...

අප ජීවත් වන පරිසරය පෙර කාලයේ පැවති තරම් සෞඛ්‍ය සම්පන්න නැහැ... අපි නියමිත වේලාවට ආහාර ගන්නේ නැති අතර පළිබෝධනාශක හා රසායනික ද්‍රව්‍ය විශාල වශයෙන් අඩංගු බැවින් අප ගන්නා ආහාර ද පිරිසිදු නොවේ. අප හුස්ම ගන්නා වාතය පිරිසිදු නොවන අතර අපගේ ශරීරයට විශාල වශයෙන් බලපාන රසායනික ද්‍රව්‍ය හා දූෂක වායූන්ගෙන් පිරී ඇත.

සැකසූ හා බැදපු ආහාර අනුභව කිරීම මෙන්ම මත්පැන් පානය කිරීම ද වැඩි වී තිබේ. එ වගේම හැල්මේ දුවන ජීවන රටාවන් නිසා සිරුරට අවශ්‍යය ව්‍යායාමද මග හැරී යයි.

මෙම සියලු සාධක අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව වලට අහිතකර ලෙස බලපාන අතර අක්මාව ද ඉන් එකකි. පළමුවෙන්ම, අක්මාව අපගේ ශරීරයේ ඉටු කරන කාර්යයන් ගැන කතා කරමු.

අක්මාවේ මූලික කාර්යයන් වනුයේ ප්‍රෝටීන නිපදවීම සහ රුධිර කැටි ගැසීම පාලනය,රුධිරයේ ඇති විෂ හරණය කිරිම, ග්ලයිකෝජන් සංශ්ලේෂණය සහ ට්‍රයිග්ලිසරයිඩ හා කොලෙස්ටරෝල් නිෂ්පාදනය කිරීමයි.

අද අපි ඔබට කියන්න යන්නෙ අක්මාව ස්වාභාවික ආකාරයකින් පිරිසිදු කරන අතර එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට උදව් වෙන අහාර වර්ග කීපයක් ගැනයි.

නිසි ප්‍රමණායට ජලය පානය කිරීම

නිසි ප්‍රමණායට ජලය පානය කිරීම ඉතාම හොද පුරුද්දක් වගේම එය ලෙඩ රෝග ගොඩක් මග හරවා ගන්න උපකාරි වෙනව.

නිසි ප්‍රමාණයට පානීය ජලය ආහාර ජීර්ණයට, ශරීරයෙන් අපද්‍රව්‍ය ඉවත් කිරීමට සහ රුධිරය නිසි ලෙස ගලා යෑම ක්‍රමවත් කිරීමට හැකියාව ලබා දෙනව, උපකාරී වන බැවින් දවස පුරා ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම අක්මාව නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ.

මෙම සාධක මගින් අක්මාවේ කාර්ය භාරය අඩු කරනු ඇති අතර එම නිසා අක්මාවට වඩා හොඳින් ක්‍රියා කිරීමට හැකි වේ.

අලිගැට පේර

අලිගැට පේර සෞඛ්‍ය සම්පන්න මේද හා ක්ෂුද්‍ර පෝෂක වලින් පොහොසත්.එ වගේම අලිගැට පේර වල “සෞඛ්‍ය සම්පන්න” මේද මගින් අඩු LDL (නරක කොලෙස්ටරෝල් ලෙසද හැඳින්වේ) අඩු කිරීමේ සහ HDL (හොඳ කොලෙස්ටරෝල් ලෙසද හැඳින්වේ) වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා.අලිගැට පේර මගින් ග්ලූටතයෝන්( Glutathione) නම් ප්‍රතිඔක්සිකාරක වර්ගයක් නිපදවීමට උදව් වෙනව.

මෙම ග්ලූටතයෝන් හානිකර ද්‍රව්‍ය පෙරීමට සහ අක්මා සෛල වලට හානිවලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය වෙනව.

සුදුළුනු

සුදුළූණු වලත් සෞඛ්‍යමය වාසි ගොඩක් තියෙනව. අක්මාව පිරිසිදු කිරීම හා විෂබීජහරණය සඳහා උපකාර කිරීම ඒ අතරින් ප්‍රධානයි.

සුදුළූණු වල ඇලිසින් සහ සෙලේනියම් තියෙනව. මේ දෙකම අක්මාව විෂ හා අතිරික්ත මේදය ඉවත දැමීමට උපකාරී වෙනව.එ වගේම සුදුළූණු ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ බැක්ටීරියා සහ වෛරස් ඉවත් කිරීමටත් උපකාරී වෙනව.

දෙහි සහ ලෙමන්

මේවා විටමින් සී පොහොසත් ප්‍රභවයන් වන අතර එමඟින් විෂ ද්‍රව්‍ය ජලයේ දියවී දිය හැකි ආකාරයෙන් පරිවර්තනය කිරීමට උපකාරී වේ. මිරිකා ගත් දෙහි යුෂ හෝ ලෙමන් යුෂ වීදුරුවක් පානය කිරීම අක්මාවට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

තක්කාලි

තක්කාලිවල ග්ලූටතයෝන්, සල්ෆර් සහ ක්ලෝරීන් අඩංගු වේ.ග්ලූටතයෝන් අක්මාව විෂබීජහරණය කිරීමට උපකාරී වන අතර සල්ෆර් එය සිරෝසිස් වලින් ආරක්ෂා කරන අතර ක්ලෝරීන් අක්මාවේ සෞඛ්‍යය වැඩි කරයි.

කෝපි

කෝපි කියන්නෙ අක්මාව නිරෝගීව පවත්ව ගන්න දායක වෙන ප්‍රධාන පාන වර්ගයක් බව පර්‍යෙෂකයන් සඳහන් කරනවා. 

සිරෝසිස්, සුව නොවන අක්මා අකර්මන්‍යතා, නිදන්ගත අක්මා රෝග, අක්මාව ආශ්‍රිත පිළිකා තත්වයන්, අක්මාවේ මේදය සහ කොලැජන් තැම්පත් වීම වගේ සෞඛ්‍ය ගැටළු ඇතිවීමේ අවධානම කෝපි පානය කරන්නන් අතර අඩු බව 2016 වර්ෂයේ කරන ලද පරීක්ෂණ කීපයක ප්‍රතිඵල ලෙස සොයාගෙන තිබෙනව වගේම කෝපි වලට සෛලවලට හානි කරන රැඩිකල් සං‍යෝග බිඳදමන ප්‍රතිඔක්සිකාරක නිපදවීමේ හැකියාවත් තියෙනවා.

නමුත්, කෝපි වල කැෆේන් බහුලව අඩංගු නිසා අනවශ්‍ය පරිදි කෝපි ඔබේ ආහාර වේලට එක් නොකරගෙන සීමා සහිතව භාවිත කිරීමටත් ඔබ සැළකිලිමත් විය යුතුමයි. 

තේ 

අක්මාව ආශ්‍රිතව ඇතිවෙන පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන්න තේ, විශේෂයෙන්ම හරිත තේ / green tea වලට හැකියාව තියෙනව කියල පරීක්ෂණ මඟින් සනාථ කරගෙන තිබෙනවා. 

නමුත්, අක්මාව ආශ්‍රිත යම් යම් රෝගාබාධයකින් දැනටමත් පෙළෙන ඔබ දෛනික තේ පානය වැඩි කරන්න හෝ තේ පානය කිරීම සම්බන්ධව ඔබේ වෛද්‍යවරයාගේ අදහස් විමසීම ඉතාම වැදගත්.

මේ අහාර වගේම ශරීර ව්‍යායාමත් නිරෝගී අක්මාවක් පවත්වා ගැනීමට ගොඩක් වැදගත්.

අන්තර්ජාලයෙන්... 

Redirecting...

You will be redirected in:

60

Comments

Popular posts from this blog

බත් කෑවම සීනි හැදෙන්නේ නෑ.. ලෝකයේ ප්‍රකට පෝෂණවේදීන් හොයාගත්තු පුදුමාකාර කුස්සියේ රහසක්.

සෙම සදහා නිවසේදීම කල හැකි අත්‌බෙහෙත් 11ක්

දිනපතා විටමින් E කරලක් භාවිතා කළොත් පමණක් ඔබේ ශරීරයට ලබාගත හැකි විශ්මිත වාසි මෙන්න