කාන්තාවන් කුස්සියේ කරන මේ වැරදි 8 නිසා මුළු පවුලටම ලෙඩ ගොඩයි.
අපේ අම්මලා, බිරින්දෑවරු උදේ ඉඳන් රෑ වෙනකල් කුස්සියේ මහන්සි වෙන්නේ තමන්ගේ පවුලට රසට, ගුණට කෑම වේලක් දෙන්න. ඒත් නොදැනුවත්වම අපේ අතින් වෙන පුංචි පුංචි වැරදි නිසා, අපි හදන කෑම එකම "වහ කෑමක්" වෙන්න පුළුවන් බව ඔබ දන්නවාද?
බඩේ අමාරුවේ ඉඳන් පිළිකා දක්වා දරුණු ලෙඩ හැදෙන්න හේතු වන, කුස්සියේදී අපි කරන බරපතල වැරදි 8ක් ගැන අද කතා කරමු.
අංක 01 - අයිස්ක්‍රීම් පෙට්ටිවල මාළු/මස් දමා ශීතකරණයේ දැමීම
අපි ගොඩක් දෙනෙක් අයිස්ක්‍රීම් කාලා ඉවර වුණාම ඒ පෙට්ටිය හෝදලා මාළු මස් දාන්න ගන්නවා. මේක ඉතාම වැරදියි. අයිස්ක්‍රීම් පෙට්ටි හදලා තියෙන්නේ "එක් වරක් භාවිතා කිරීම" (Single-use plastic) සඳහා පමණයි. මේවා නැවත නැවත සේදීමේදී සහ අධික ශීතලට ලක්වීමේදී, එම ප්ලාස්ටික් අංශු ආහාරයට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම මස් මාළු වල බැක්ටීරියා මේ ප්ලාස්ටික් වල රැඳිලා තියෙන්න පුළුවන්. මේකට හොදම විසඳුම තමයි, මස් මාළු දැමීමටම සකස් කළ ආරක්ෂිත (BPA Free/ Food Grade) භාජන භාවිතා කරන එක.
අංක 02 - පපඩම් බැදපු තෙල් නැවත නැවත පාවිච්චි කිරීම
තෙල් ටිකක් ඉතුරු වුණාම අපරාදෙනේ කියලා අපි ඒක ආයේ කරවල බදින්න, තෙල් දාන්න ගන්නවා. තෙල් රත් වෙලා නිවුණට පස්සේ ආයේ රත් කරනකොට, එහි රසායනික ව්‍යුහය වෙනස් වෙලා "නිදහස් ඛණ්ඩක" (Free Radicals) හැදෙනවා. මේවා කෙලින්ම හෘද රෝග සහ පිළිකා කාරකයි. විශේෂයෙන් පපඩම් බැදපු තෙල් වල ගුණාත්මක බව ඉතා ඉක්මනින් විනාශ වෙනවා. පුළුවන් තරම් අඩු තෙල් ප්‍රමාණයක් බැදීමට ගන්න. ඉතුරු වුණොත් ලෝබ නැතුව අයින් කරන්න. සල්ලි වලට වඩා ජීවිතේ වටිනවා.
අංක 03 - ශීතකරණය "අධිශීත කළ කුණු බක්කියක්" (Frozen Dustbin) කරගැනීම
මේක ගොඩක් ගෙවල්වල රෑ කෑමෙන් පස්සේ සිදුවෙන සුලභ දසුනක්. ඉතුරු වන බත් හැන්ද, පරිප්පු හොදි චුට්ට, බාගෙට කාපු යෝගට් එක, පොඩි එවුන් ඉතුරු කරපු කිරි එක - මේ හැමදේම "අපරාදෙනේ, හෙට කන්න පුළුවන්" කියලා හිතලා අර පරණ අයිස්ක්‍රීම් පෙට්ටිවල පුරවලා ෆ්‍රිජ් එක අස්සට ඔබනවා.
මොකද වෙන්නේ? හෙට දවසේ අලුතෙන් උයනකොට අර ෆ්‍රිජ් එකේ දාපු ටික ගැන මතකයක් නෑ. දවස් දෙක තුනක්, සමහරවිට සතියක් යනකම් අර පෙට්ටි ෆ්‍රිජ් එකේ පතුලේ හැංගිලා තියෙනවා.
හැබැයි ඇත්තටම සිදුවන දේ මෙන්න. සතියකට පස්සේ ෆ්‍රිජ් එක අස් කරන දවසට තමයි මේ පෙට්ටි එළියට එන්නේ. මූඩිය ඇරලා බලද්දී කෑම එක පුස් කාලා, ගඳ ගහනවා. අන්තිමට මොකද කරන්නේ? ඒ ඔක්කොම ටික කුණු බක්කියට හලනවා.
ඇත්තටම ඔබ කරලා තියෙන්නේ "එදා රෑම කුණු බක්කියට දාන්න තිබුණු කුණු ටික, සතියක් තිස්සේ ලයිට් බිලත් වියදම් කරලා, ෆ්‍රිජ් එකේ ඉඩත් නාස්ති කරලා, හොඳට 'කූල්' කරලා කුණු බක්කියට දාපු එක" විතරයි.
ඒ නිසා කෑමක් ඉතුරු වුණාම දෙපාරක් හිතන්න. "මේක ඇත්තටම හෙට කයිද?" කියලා. එහෙම නැත්නම් ඒ වෙලාවෙම සත්තුන්ට දෙන්න හෝ අයින් කරන්න. ෆ්‍රිජ් එක කියන්නේ කුණු හංගන තැනක් නෙවෙයි, නැවුම් කෑම තියන තැනක් බව මතක තියාගන්න.
අංක 04 - Meal Plans (කෑම සැලසුම්) ගැන නොසිතීම
බඩ පිරෙන්න මොනවා හරි උයනවා කියන තැනින් මිදෙන්න ඕනේ. දිනපතාම පිටි සහ තෙල් විතරක් ශරීරයට ගියොත් දියවැඩියාව, කොලෙස්ටරෝල් වැඩි වෙන එක නතර කරන්න බෑ. අද උයන්නේ මොනවද, ඒකේ පෝෂණය කොහොමද කියලා කලින් හිතන්න ඕනේ. සතියටම හරි යන එළවළු, පලා වර්ග, ප්‍රෝටීන් (මස්/මාළු/බිත්තර) සමබරව ලැබෙන විදිහට ප්ලෑන් කරන්න.
අංක 05 - කුස්සියේ ස්පොන්ජ් එක සහ රෙදි කෑලි මාරු නොකිරීම
පිඟන් හෝදන ස්පොන්ජ් එක කෑලි කැඩිලා යනකම්ම පාවිච්චි කරනවද?විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව ගෙදරක වැඩිම විෂබීජ තියෙන්නේ ටොයිලට් එකේ නෙවෙයි, කුස්සියේ ස්පොන්ජ් එකේ! තෙතමනය නිසා එහි ඊ-කෝලයි (E. coli) වැනි බැක්ටීරියා වේගයෙන් හැදෙනවා. සතියකට වරක්වත් ස්පොන්ජ් එක උණු වතුරෙන් හෝදන්න. මාසෙකට සැරයක් අලුත් එකක් ගන්න. අත් පිස්නා, පාපිසි නිතරම හෝදලා වේලගන්න.
අංක 06 - සිරුණු නන්ස්ටික් (Non-stick) භාජන දිගටම පාවිච්චි කිරීම
නන්ස්ටික් තාච්චියේ කළු පාට ලේයර් එක ගැලවිලා ගිහින් සුදු පාට මතු වෙලාද? ඒ ගැලවෙන කළු පාට කොටස් (Teflon) කියන්නේ පිළිකාකාරක රසායනික ද්‍රව්‍යයක්. ඉරි තැලුණු තැන් වලින් ඇලුමිනියම් කෑමට එකතු වෙන්න පුළුවන්. මෙය මොළයේ ස්නායු වලට හානිකරයි. පෑන් එක ඉරි තැලී ඇත්නම් ලෝබ නැතුව විසි කරන්න. මැටි හෝ ස්ටේන්ලස් ස්ටීල් භාජන වලට හුරු වෙන්න.
අංක 07 - රාත්‍රියට කන බොන පිඟන් කෝප්ප ඇරලා තියලා නිදාගැනීම
රෑට පිඟන් හෝදලා රැක් එකේ අතුරන අපි, සමහරවිට ඒක වහන්න අමතක කරනවා. හැබැයි ඔබ දන්නවද , රෑට තමයි කැරපොත්තෝ, හූනෝ වගේ සත්තු කුස්සියේ රජ කරන්නේ. උන් අපිරිසිදු කාණු දිගේ ඇවිත් කෙලින්ම යන්නේ අපි උදේට කන්න ගන්න පිඟාන උඩින්. සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියා බෝවෙන්න ප්‍රධානම හේතුවක් මේක. පිඟන් සම්පූර්ණයෙන්ම ආවරණය වන කබඩ් එකක දාන්න. එහෙම නැත්නම් පිරිසිදු රෙද්දකින් වහන්න. උදේට කෑම ගන්න කලින් ආයේ පිඟාන හෝදන්න.
අංක 08 - නිදා ගැනීමට පෙර කුස්සිය අස් නොකිරීම
"හෙට උදේටම කරනවා" කියලා රෑට ඉඳුල් පිටින්ම කුස්සිය දාලා නිදාගන්න එපා. කුස්සියේ තියෙන පොඩිම හරි ඉඳුල් කෑල්ලක් ඇති මීයන්ටයි කැරපොත්තන්ටයි පාටියක් දාන්න. රෑ එළිවෙනකම් බැක්ටීරියා වර්ධනය වෙන්න මේ ඉඳුල් හොඳ මාධ්‍යයක් වෙනවා. උදේට කුස්සියට එනකොට නරක් වුණු ගඳක් එන්නේ ඒකයි. රෑට නිදාගන්න කලින් කම්මැලි නැතුව සින්ක් එක හෝදලා, කුණු කූඩය වහලා, මේස උඩ පිහිදාලා නිදාගන්න. එතකොට උදේට බොහොම ප්‍රසන්නව ඔබට දවසේ වැඩකටයුතු පටන් ගන්නත් පුළුවන් වේවි
උපුටාගැනීමකි
You will be redirected in:
60
5

Comments
Post a Comment